කීර්ති ප්‍රනාන්දු –
පොසොන් උත්සවය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවත්වන සියලුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හෙට ( 03 ) සහ අනිද්දා (04) දෙදින ම දිවා රාත්‍රී පරික්ෂා කිරීම් සිදුකරන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සාමබංදු කුමාර පවසයි.
දිස්ත්‍රික්කයේ පිහිටි සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රාත්‍රී දන්සල් පරික්ෂා කිරීමට එක්වන බවද ඔහු කියා සිටී.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙවර වෙසක් උත්සව සමයට වඩා වැඩි දන්සැල් ප්‍රමාණයක් පොසොන් උත්සවය වෙනුවෙන් සංවිධානය කර ඇති බව පවසන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් දන්සැල් දහසකට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් ලියාපදිංචි වී ඇති බව පැවසීය .
දන්සැල් පවත්වන සංවිධායකවරුන් කැඳවා එම දන්සැල් සෞඛ්‍යාරක්ෂිත ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම දැනුවත් කිරීම් මේ වන විට සිදුකර ඇති බව පවසන ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් නොසලකා හරිමින් සෞඛ්‍යයට අහිතකර වන ලෙස පවත්වාගෙන යන දන්සැල් නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යාමට උපදෙස් ලබා දෙන බවත් එම උපදෙස් ද පිළිනොගන්නා දන්සල් තහනම් කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය .
විශේෂයෙන් මේ දිනවල වෛරස් උණ රෝගී තත්ත්වයක් පැතිර යමින් ඇති බැවින් එවැනි රෝගීන් දන්සල් වලට සහභාගි කරවා ගැනීමෙන් වළකින ලෙසත් එම රෝගීන්ට සිය නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙසත් ඉල්ලා සිටින පරිපාලන මහජන සෞඛ්‍ය පරීස්ඛවරයා සෑම පුද්ගලයෙකුම නිවසින් බැහැරව යාමේදී මුව ආවරණ පැළඳීමට සැලකිලිමත් වන ලෙස ද ඉල්ලා සිටියි .