බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එහෙම අය ඉන්දියාවෙත් ඉන්නවා…. ජලාශයට වැටුණු ජංගම දුරකතනය ගන්න ජලය ලීටර් ලක්ෂ 21 හිස් කරපු ඉන්දියානුවාගේ කතාව!

by Lanka Sara Editor
මැයි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මුට්ටියක් ඇතුළේ හිස හිර කර ගත් එළුවකුගේ ඔලුව පිටතට ගැනීමට එළුවාගේ බෙල්ල කපා මුට්ටිය බින්ඳ ජනප්‍රවාදයක් ඉතිහාසයේ සිට පැවතෙයි. ජලාශයකට වැටුණු තමන්ගේ ජංගම දුරකතනය බේරා ගැනීමට ජලාශයේ වතුර ලීටර් ලක්ෂ 21ක් හිස් කර අවසානයේ අකර්මන්‍ය වූ ජංගම දුරකතනය සොයා ගත් ඉන්දියානුවකු ගැන පුවතක් ඊයේ ඉන්දියාවෙන් වාර්තා වූයේ ඉහත ජනප්‍රවාදය නැවත සිහිගන්වමිනි.

තම මිල අධික දුරකථනය නැවත ලබා ගැනීම සඳහා ජලාශයකින් ජලය ලීටර් ලක්ෂ 21 ක් ඉවතට ගත් බව කියන රජයේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති බව ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වුනේය. ඔහු කියා සිටියේ ජලය “භාවිතයට නුසුදුසු” බවත්, ඔහු තම ජ්‍යෙෂ්ඨයාගෙන් මෙම ජලය ඉවත් කිරීමට  “වාචික අවසරයක්” ලබා ගත් බවත්ය.

වාර්තාවන පරිදි  සිද්ධිය මෙසේය.

කන්කර් දිස්ත්‍රික්කයේ කොයිලිබෙඩා බ්ලොක් හි ආහාර නිලධාරියකු වන රාජේෂ් විශ්වස් කර්කට්ටා වේල්ල අසල නිවාඩුවක් ගත කරමින් සිටියදී අහම්බෙන් රුපියල් ලක්ෂයක් වටිනා ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය ජලාශයට වැටී ඇත. එය අඩි 15ක් ගැඹුරු ජලයට වැටී ඇති අතර ප්‍රදේශවාසීන් එය සොයා ගැනීමට උත්සාහ කළහ. උත්සාහය අසාර්ථක වූ විට, නිලධාරියා දින තුනක් අඛණ්ඩව ක්‍රියාත්මක වන hp 30 ඩීසල් පොම්ප දෙකක් ලබා ගත් අතර, ඔහුගේ දුරකථනය ලබා ගැනීම සඳහා ගොවිබිම් අක්කර 1,500 කට ජලය සැපයීමට ප්‍රමාණවත් ජලය ලීටර් ලක්ෂ 21 ක් හිස් කළේය.

මෙම පොම්ප සඳුදා සවස ජලය බැස යාමට පටන් ගත් අතර බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක විය. පැමිණිල්ලක් මත වාරිමාර්ග හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එම ස්ථානයට පැමිණ මෙහෙයුම නතර කළේය. කෙසේ වෙතත්, එය නතර කරන විටත් ජල මට්ටම අඩි හයක් පහළ බැස තිබුණි. ආසන්න වශයෙන් ලීටර් ලක්ෂ 21 ක් පොම්ප කර තිබුණි. මෙම ප්‍රදේශයේ ග්‍රීෂ්ම කාලවලදී පවා අඩි 10කට වඩා ගැඹුරු ජලය ඇති අතර සතුන් බොහෝ විට එයින් පානය කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රාජේෂ් විශ්වස් පැවසුවේ සෙල්ෆියක් ගන්නා අතරතුර ඔහුගේ දුරකථනය ඔහුගේ අතින් ගිලිහී ගිය බවත්, උපාංගයේ නිල දෙපාර්තමේන්තු දත්ත තිබූ බැවින් එය නැවත ලබා ගැනීමට සිදු වූ බවත්ය. කිමිදුම්කරුවන් එය සොයා ගැනීමට උත්සාහ කළ නමුත් මතුපිට පාෂාණමය බැවින් එය සිදු කිරීමට නොහැකි වූ බවත්, ජල සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ජලය කිසිවකට භාවිතා නොකරන  බව තමාට පැවසූ බවත්, ඒ නිසා එයින් කොටසක් පොම්ප කළ බවත් ඔහු පැවසීය.

“ඉරිදා මම යාළුවො කීප දෙනෙක් එක්ක වේල්ලට ගියා නිවාඩු දවසෙ එහෙ නාන්න. මගේ දුරකථනය භාවිත කළ නොහැකි ජලය පිටාර ගැලූ ටැංකි තුළට ලිස්සා ගියා. එය අඩි 10 ක් ගැඹුරුයි. ප්‍රදේශවාසීන් එය සොයා ගැනීමට උත්සාහ කළ නමුත් එය සාරථක වුණේ නෑ. අඩි දෙක තුනක් නොගැඹුරු නම් එය නිසැකවම සොයාගත හැකි බව ඔවුන් මට පැවසුවා. මම SDO ට කතා කරලා, එහෙම කරන එකේ ප්‍රශ්නයක් නැත්නම් ළඟ තියෙන ඇළට වතුර ටිකක් දාන්න දෙන්න කියලා කිව්වා. අඩි තුන හතරක් ගැඹුරට ජලය බැස ගියහොත් එය ප්‍රශ්නයක් නොවන බවත් ඇත්ත වශයෙන්ම වැඩි ජලය ඇති ගොවීන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත් ඔහු පැවසුවා. අඩි තුනක් පමණ ජලය බැස යාමට ප්‍රදේශවාසීන්ගෙන් උදව් ලබාගෙන මගේ දුරකථනය නැවත ලබා ගත්තේ එබැවිනි, ”විශ්වාස් පැවසීය.

ගැඹුරු ජලයේ දින තුනක් පැවති දුරකථනය ක්‍රියා විරහිත වී තිබිණි.

හිටපු චතිස්ගාර් මහ ඇමති සහ භාරතීය ජනතා පක්ෂ නායක රමන් සිං, භූපේෂ් බගෙල්ගේ නායකත්වයෙන් යුත් කොන්ග්‍රස් ආණ්ඩුවට බැණ වැදුනේ, “ඒකාධිපති” ප්‍රාන්ත ආන්ඩුව යටතේ නිලධාරීන් රටේ සම්පත් ඔවුන්ගේ පාරම්පරික දේපලක් ලෙස සලකන බව පවසමිනි.

අධික උණුසුම් කාලගුණයක් සහිත කාලයක ජනතාව ජල ටැංකිවලින් යැපෙද්දී එක් නිලධාරියෙකු ජලය ලීටර් ලක්ෂ 21 ක් ඉවතට ගෙන ඇති බව ඔහු පැවසීය.

කවුද මේ රාජේෂ් විශ්වස්-

ඉන්දියාවේ නොව, ඕනෑම තූත්තුකුඩියක ඉන්නා ආහාර පරික්ෂකවරයෙක් වැනි සාමාන්‍ය නිලධාරියෙකුට අවශ්‍ය   හිතූ මතේ ජලාශයක ජලය හිස් කිරීමට බලයක් ඇත්තේ කෙසේ දැයි ඔබ කල්පනා කරනු ඇත.  හේතුව රාජේශ් විස්වස් එසේ මෙසේ ආහාර පරීක්ෂකයෙන් නොවන බව ඉන්දියාවෙන් එන ප්‍රවෘත්ති කියන්නේය.

කෝටිපති ආහාර පාලකයා…

ඔහු අසීමිත වත්කම් ප්‍රමාණයක් සම්බන්ධව හිමිකරුවෙකි.  සුඛෝප භොගී අධි මිල ගණන්වල වාහන පාවිච්චි කරන්නෙකි. දින කීපයකට පෙර ඉන්දීය රුපියල් මිලියන ගණනක් වටිනා මහේන්ද්‍රා තාර් වර්ගයේ නවීන ජීප් රථයක් මිල දී ගෙන තිබිණි. එහෙන්ම ඔහු මිල අධික යතුරුපැදියක පදින්නේය. අධික වියදම් දරමින් මිතුරන් සමග විනෝද චාරිකා සහ සාද පවත්වන්නේය. කාන්තාවන් වෙනුවෙන් වියදම් කරන්නේය. ඔහු පිස්තෝල භාවිතයට කැමැත්තක් දක්වන පිස්තෝල ප්‍රේමියෙක් බවත්, ඔහුට ඒ සඳහා බලපත්‍රයක් ඇති බවත් කියැවැනි. පිස්තෝලය රඳවාගෙන ඔහු ගත් ඡායාරූප ගණනාවක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුමේ පල කර තිබිණි.  ඉන්දියානු රුපියල් මිලියන ගණනක් වටිනා අත් පළදනා සහ මාල ඔහු ගෙල වටා දවටාගෙන ඇත්තේය. දැන් වතුර හින්දවූ රාජේෂ් ගැන ඉන්දියාව අලුතින් ප්‍රශ්න කිරීමට පටන් අරන් තිබේ.

ආහාර පරීක්ෂක රැකියාවෙන් මේ තරම් වත්කම් ප්‍රමාණයක්, මේ තරම් බලයක් මේ පුද්ගලයා උපයා ගත්තේ  කෙසේද?…. ඒ ප්‍රශ්න ඔවුන් විසඳගත්තාවේ.

රාජේෂ් ජලාශයක් හිස් කරන්නේ තමන්ගේ  ජංගම දුරකථනය  සොයා ගන්නටය. අපේ රටේ  පහුගිය කාලය තුළ හිටියේම රාජේෂ් විශ්වස් ලාය.  උන් උන්ට නැතිවෙන දේ ලබා ගන්නට මේ රටේ භාණ්ඩාගාරයම හින්දවා රට බංකොළොත් කළහ. අපේ රටේ පමණක් නොව, ඉන්දියාවේත් මේ ජාතියේ උන් ඉන්න බව කියන්නට මේ සටහන තබන්නේ මෙය කියවා හිත හදා ගන්නටය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට ඇරඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර රැඳවියන් 10ක්… ඉන් එක් අපේක්ෂකයෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අයෙක්!

Next Post

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව දෙගුණ වෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.