අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව ලබන ජූනි 30 සිට සම්පූර්ණයෙන්ම් අහෝසි කිරීමට ජාතික ප්‍රවාහන කොමිසම තීරණය කර තිබේ.
සාමාන්‍ය මඟී ගාස්තුව මෙන් සීයට 150ක් හෝ ඊට වැඩි මුදලක් අය කරමින් මෙම බස් රථ ධාවනය වූ අතර මඟින්ට අමතර පහසුකමක් ලබා නොදීම ගැන මේ සේවාවට දැඩි විවේචන එල්ල විය.
මෙම සේවාව යටතේ දිවයින පුරා බස් රථ 400ක් පමණ ධාවනය වන බව සඳහන් වේ.
ඔවුන්ට ගැලපෙන වෙනත් සේවාවකට මාරු වීමට දැනුම් දී තිබූ අතර ඒ සඳහා මැයි 31 වෙන තුරු ලබා දුන් කාල සීමාව ප්‍රමාණවත් නොවන බව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවා දැනුම් දී තිබිණි.
මේ හේතුවෙන් ජූනි 30 දක්වා කල් ලබා දී තිබෙන බවත් ඉන් අනතුරුව ලංකාවේ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවක් ක්‍රියාත්මක නොවන බවත් ජාතික ප්‍රවාහන කොමිසම පවසයි







