දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (18) කොළඹ වරායට රැගෙන පැමිණි මත් කුඩු තොගය සම්බන්ධව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ජාලය සම්බන්ධීකරණය කර ඇත්තේ දැනට මීගමු බන්ධනාගාරයේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධ වරදකට රඳවා සිටින මාලන් නැමති 28 හැවිරිදි පුද්ගලයෙක් බවත් එම මත්කුඩු තොගය මෙරටට එවා ඇත්තේ මේ වනවිට ඩුබායිහි රැඳී සිටින පාතාල ප්‍රබලයෙක් වූ කොස්ගොඩ සුජී බවත් විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.

රුපියල් කෝටි 280ක දල වීදි වටිනාකමක් සහිත මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ මෙහෙයුම බන්ධනාගාරයේ සිට දුරකථනයෙන් සම්බන්ධීකරණය කළ මාලන් නැමැත්තා පුත්තලම ආඩිගම පදිංචිකරුවෙකි. ඔහු සමස්ථ මෙහෙයුම සිදුකර ඇත්තේ බන්ධනාගාරය තුළ රැඳී සිටිමින් දුරකථන මාර්ගයෙන් බව හෙළි වී ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි සේවාව හා එක්ව, සිදු කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරක් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව යොදවා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 413ක් පමණ (කිලෝමීටර් 764 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙම බහුදින ධීවර පරීක්ෂා කර තිබිණි.
එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර පහක් (05) තුළ පාර්සල් අනූනවයක (99) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 111 ග්‍රෑම් 606 ක ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සහ පාර්සල් නවයක (09) අසුරන ලද හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 10 ග්‍රෑම් 254 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගත්තේය.

මෙම මත්කුඩු තොගය සමග යාත්‍රාවේ සිටි වයස අවුරුදු 31ත් 56ත් අතර පසුවන සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් මීගමුව, ආඩිගම, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් විමර්ශන අංශ කියයි.
සැකකරුවන් 06 දෙනා මත්කුඩු තොගයද සම වැඩිදුර විමර්ශන සහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත පෙරේදා (18) භාර දී ඇත.
මේ වනවිට මීගමුව කිඹුලාපිටියේ පාරේ පදිංචි එම යාත්‍රාවේ හිමිකරුව ද විමර්ශන අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහන් කළේය අත්අඩංගුවටගත් සැකකරුවන් රඳවාගෙන විමර්ශන පවත්වන බවය.
(ඡායාරූප – නාවික හමුදා නිල වෙබ් අඩවිය)







