ඊයේ (16) රාත්‍රියේ 8ට පමණ මහනුවර ධර්මරාජ විදුහල ඉදිරිපිට කහ ඉර මත දී අනතුරක් සිදුකර පිය පුතු දෙපළක් මරණයට පත් කළ මහනුවර පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ගාමිණි විජයබණ්ඩාර ලබන මස 26 තෙක් බන්ධනාගාරගත කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසූරිය අද නියෝග කළේය.
ඊයේ (16) රාත්‍රී 8.00 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගියේ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචි චන්දික සම්පත් රොද්‍රිගෝ (42) සහ විමන්ත රොද්‍රිගෝ (11) නැමැති පිය පුතු දෙපළය.
මියගිය සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බව දැන ගන්නට ඇත.
සැකකරු කරාටේ ක්‍රීඩා උපදේශකවරයෙකු වන අතර ඔහු කරාටේ පන්තියක් නිමකර ආපසු නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරුව සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මේ ලිපියත් බලන්න….
පාතහේවා හැට ශ්‍රී.ල.නි.ප සංවිධායක රිය අනතුරක් සිදුකර කහ ඉරක්මත දී පිය පුතු දෙපලක් මරා දමයි…







