බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේකම් සිදුකළ ස්ථාන මාරුව අනීතිකයි… ද්වේශ සහගතයි… SDIG ප්‍රියන්ත වීරසූරියත් අජිත් රෝහණගේ මග ගනී… සිය විරෝධය පොලිස් කොමිසමට දන්වයි!

විනය ගරුක නිලධාරියෙක් ලෙස මෙතෙක් ලේකම්ගේ සියලු හැසිරීම් ඉවසුවා... දැන් ඇති - SDIG ප්‍රියන්ත වීරසූරියත් කියයි....

by editor
අප්‍රේල් 26, 2023
in පුවත්
Priyantha Weerasooriya

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

Share on FacebookShare on Twitter

පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව බව කියමින්  වහාම ක්‍රියාත්මකවන පරිදි එක්වර ස්ථාන මාරුකළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනාගෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් වූ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තම ස්ථාන මාරුවීමට සිය විරෝධය පලකරමින්,     මෙම ද්වේශ සහගත අනීතික  අසාධාරණ ස්ථාන මාරුකිරීම අනුමත නොකරන්නැයි ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පළාතක් භාරව කටයුතු කරන ප්‍රධානියෙක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සේවා අවශ්‍යතා මත බව කියමින්, පොලිස් කොමිසමේ අනුමැතියකින් ද තොරව හිතූ හිතූ ආකාරයෙන් අමාත්‍යාංශයක ලේකම්වරයෙක් විසින් මාරු කිරීමට කටයුතු කිරීම එම නිලධාරීන්ගේ රාජකාරි පෞරුෂයට පමණක් නොව රාජකාරියේ ධාරිතාවට ද බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොමිසමට දන්වා ඇත.

තමන් ආධාරක සේවා අංශයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ලෙස රාජකාරි කරමින් සිටියදී  2022 අප්‍රේල් 15 වැනි දින  මධ්‍යම  පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කළද මේ ආකාරයෙන්ම පැය 48ක් තුළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියමයෙන්  වයඹ පළාත භාර නිලධාරියා ලෙසත්  අවසානයේ  උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා ලෙසත් දෙවරක්ම ස්ථාන මාරුවීම් දෙකක් ලබා දුන් බව පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යළි යළිත් මෙවැනි ක්‍රියා සිදුවීම වළක්වන ලෙස පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටී.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ මේ ක්‍රියාකලාපය  හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වැඩි දෙනෙක් පසුවන්නේ දැඩි කලකිරීමකින් බව ද ඔහු පොලිස් කොමිසමට දන්වයි.

මේ ආකාරයෙන්ම සිය ස්ථාන මාරුවීමට විරෝධය පලකරමින් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් කොමිසමට ලියා දැක්වූයේ එක් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රැක ගැනීම සඳහා ඇමතිවරයා විසින්  අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ලබා දෙන මෙම  ස්ථාන මාරුකීරීම අනිතික සහ බලය අතික්‍රමණය කිරීමක් මෙන්ම වෛරී ද්වේශ සහගත එකක් බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔහු මහජන ආරක්ෂක  අමාත්‍යාංශ ලේකම් අමානි ගුණතිලකට ලිඛිතව දන්වා තිබුණේ තමන් අනීතික නියෝග පිළිනොපදින බවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් කොමිසමට යැවූ ලිපියේ සිංහල අනුවාදය පහත දැක්වේ.

චන්ද්‍රා ප්‍රනාන්දු මහතා
සභාපති ,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
බ්ලොක් අංක 09,
බී.එම්.අයි.සී.එච්
බෞද්ධාලෝක මාවත ,
කොළඹ 07

මහතාණනි,

අසාධාරණ අයුක්තිසහගත ස්ථාන මාරුවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස කරන ඉල්ලීමයි

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ලෙස දැනට කටයුතු කරන   ප්‍රියන්ත වීරසූරිය වන මා  කිසිදු  හේතුවක්  සඳහන් නොකර, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝග අංක02l08lSGOl02l2023 යටතේ සහ පොලිස්පතිවරයාගේ  ගේ අංක D/HRM/ADM/766/2023 මත ජාතික පොලිස් තෙකාමිසමේ ආවරණ අනුමැතියට යටත්ව අපරාධ සහ මාර්ග නීති රෙගුලාසි  පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස  සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරු කර ඇත.

එම තනතුර මා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන අවස්ථාවේදී  මා දැරූ තනතුරක් වන සේවා අවශ්‍යතා කාණ්ඩය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි එය සිදු කර ඇත. .

මා  ආධාරක සේවා අංශයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ලෙස රාජකාරි කරමින් සිටියදී  2022 අප්‍රේල් 15 වැනි දින  මධ්‍යම  පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කළද මේ ආකාරයෙන්ම පැය 48ක් තුළ වයඹ පළාත භාර නිලධාරියා ලෙසත්  අවසානයේ  උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා ලෙසත් දෙවරක්ම ස්ථාන මාරු ලබන්නට සිදුවිය.

විනයගරුක නිලධාරියෙකු ලෙස මම මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දුන් නියෝගයට අනුව  ක්‍රියා කළ අතර  පසුව පොලිස්පතිට අභියාචනයක් ඉදිරිපත් කළේ මා මාරු කළ ආකාරය ගැන සෑහීමකට පත් නොවීම ගැන සඳහන් කරමිනි.

එම අභියාචනයේ පිටපතක් ඔබගේ කාරුණික පරික්‍ෂාව සඳහා මෙහි අමුණා ඇත.

2023 ජනවාරි 6 වැනි දින මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා විසින් මා නැවත මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර මේ දක්වා මාස තුනකට ආසන්න කාලයක් සම්පූර්ණ කර ඇති අතර, නැවතත් මා කෙටි කාලයක් තුළ අපරාධ සහ රථවාහන භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වෙනත් ස්ථාන මාරු නියෝගයකට යටත් කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට වහා ක්‍රියාත්මක වන පරිදි හේතු දැක්වීමකින් තොරව ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ සේවා අවශ්‍යතා මත බව පවසමින් ජාතකි පොලිස් කොමිසමේ ආවරණ අනුමතියට යටත්ව බව  මම  දුටුවෙමි.

මෙම අක්‍රමවත් පිළිවෙත හේතුවෙන් මේ වනවිට මෙම අතදැකීමට මුහුණ දෙන වින්දිත නිලධාරීන්ට මහජනතාවට නිදහසේ සහ සාධාරණව තම රාජකාරිය ඉටු කිරීමට එරෙහි පීඩනයක් සහ කළකිරීමක් නිර්මානය වී ඇති ව සඳහන් කරන කැමැත්තෙමි.

එසේම මෙම ක්‍රියාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රතිරූපයට, මෙම නිලයේ නිලයේ ගාම්භීරත්වයට මෙන්ම යටත් නිලධාරීන් අතරද අවතක්සේරුවට ලක්වන බවට ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

එබැවින්, පළාත් භාර නිලධාරියෙකු වශයෙන්, අපට නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ආරක්ෂා කිරීමට නොහැකි වන අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරුන්ගෙන් බහුතරයක් කලකිරීමට පත්ව සිටින බැවින්, අදාළ වගකීම් ක්ෂේත්‍රයේ නීතිය සහ සාමය පවත්වාගෙන යාම සඳහා උපාය මාර්ග සැලසුම් කිරීමට අපට නොහැකි වේ.

ඒ අනුව  බොහෝ ජ්‍යෙෂ්ඨ නියෝජජ්‍ය පොලිස්පතිවරුන්ට කටයුතු කළ යුතුව ඇත්තේ කළකිරුණු සිතින් තුඩු මත සිටගෙනය.

එබැවින් මෙම ස්ථානමාරු නියෝගයට මම දැඩි විරෝධය පළ කරන අතර ජාතික පොලිස් කොමිසම මේ පිළිබඳව සොයා බලා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා විසින් දෙනු ලැබ ඇති  මෙම ද්වේශසහගත, අසාධාරණ ස්ථාන මාරු නියෝගය අනුමත නොකිරීමට සුදුසු පියවර ගන්නේ නම් එය කෘතඥ වෙමි.

මෙයට,
ප්‍රියන්ත වීරසූරිය
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – මධ්‍යම පළාත  භාර

Share69Tweet43
Previous Post

සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහතික නිකුත් කිරීම ප්‍රමාද කිරීම නිසා බිත්තර ආනයනය අවුලක… ආසි

Next Post

පරිස්සමෙන් – ඩෙංගු වේගයෙන් පැතිරෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.