අද (24) අලුයම හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබල කම්පනයක් වාර්තා වී තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ, දළ වශයෙන් 12:45 ට හම්බන්තොටට ගිනිකොණ දිග මුහුදේ කිලෝමීටර් 25.8ක් පමණ ගැඹුරින් මෙම කම්පනය සිදුව ඇති බව ය.
මෙම කම්පනයෙන් ශ්‍රී ලංකාවට ක්ෂණික තර්ජනයක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද සඳහන් කළේ මෙම කම්පනයෙන් ශ්‍රී ලංකාවට ක්ෂණික තර්ජනයක් නොමැති බවය.