අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දප්පුල අනිවාර්යයෙන් TID යා යුතුව ඇති දවස අද!

by editor
අප්‍රේල් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අනිවාර්යයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණිය යුතු වන්නේ අද (24) ය.

කැඳවීම් ප්‍රකාරව අද හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොටඨාසයට නොපැමිණයහොත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව එම කොට්ඨාසය ඔහු වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

වර්ෂ 2021 මැයි මස මුල දි  තමන් විශ්‍රාම ගැනීමට දින කිපයකට පෙර  පාස්කු ප්‍රහාරය සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක්  කළ හිටපු නීතිපතිවරයාගේ ප්‍රකාශය හේතුවෙන් සිදුකරන  විමර්ශන සම්බන්ධව සැක සංකා මතුවී තිබෙන නිසා ඔහු කැඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් නීතිපතිවරයාට කළ දැන්වීම අනුව මෙම කැඳවීම කර තිබිණි.

2021 මැයි මස මුලදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවේ “2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා කුමන්ත්‍රණයක් පවතී” යනුවෙනි.  2019 අප්‍රේල් 21 ප්‍රහාරයේ  නායකත්වය පිළිබඳ නිගමනයකට එළඹීම සඳහා සාක්ෂි සහ බුද්ධි තොරතුරු සහ සියලුම අදාළ තොරතුරු හොඳින් ඇගයීමට ලක් කළ යුතු බවත්  ඔහු සඳහන් කළේය. රාජ්‍ය බුද්ධි සේවයේ වේලාවන්, ඉලක්ක, ස්ථාන, ප්‍රහාර එල්ල කළ ක්‍රම ඇතුළු අනෙකුත් තොරතුරු ඇතුළත් සමස්ථය  මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට පැහැදිලි සාක්ෂියක් බවද හිටපු නීතිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ප්‍රකාශය සම්බන්ධව විමර්ශනයක් සඳහා  මුල් වරට පසුගිය 19 වැනිදා ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබුවත් නීතිඥයෙක් මාර්ගයෙන් ඔහු පිටු හතක නෛතික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හිටපු නිතිපතිවරයා  පවසා සිටියේ තමන් නීතිපති අවධියේ දී  මේ ප්‍රහාරය සම්බන්ධව පිටු 130ක  උපදෙස් ලිපියක්  පොලිස්පතිවරයාට යොමු කර ඇති බවය.   ඒ සම්බන්ධව නිසි පියවර ගෙන ඇති ද යන්න ගැන අදාල නිලධාරීන්ගෙන් සහ වත්මන් නීතිපතිවරයාගෙන් විමසන ලෙස ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දන්වා තිිබිණි.

වත්මන් නීතිපතිවරයා මේ ප්‍රහාරය සම්බන්ධව අධි චෝදනා ගොනු කර ඇති බැවින් හිටපු නීතිපතිවරයෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය නොවන බව දප්පුල ද ලිවේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මාධ්‍යයට පැවසුවේය.

නීතිඥයෙක් මාර්ගයෙන් කළ මෙම නෛතික විරෝධය සහ  කරුණු දැක්වීම පිළි නොගත්  ත්‍රස්ත විමර්ශන ඒකකය  අප්‍රේල් 21 වැනිදා යළි හිටපු නීතිපතිවරයා  එම ඒකකයට  කැඳවා තිබිණි.

වත්මන් නීතිපතිවරයා සහ නීතිඥ සංගමය අතර යොදා ගත් සාකච්ඡාවක් හේතුවෙන් එදින ද හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත පැමිණ තිබුණේ නැත.

අද (24) හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයට නොපැමිණියහොත් ඔහු විෂයෙහි නීතිය ක්‍රියාත්මක කරන බව එම ඒකකය ලිඛිතව දැනුම් දෙන්නේ ඉන් අනතුරුවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හම්බන්තොට මුහුදේ භූ කම්පනයක්….

Next Post

ආණ්ඩුවට සහ ජනාධිපතිට සෙත් පතන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සංවිධානය කරන පිරිතට ආයතනයේ රාජ්‍ය සේවකයින්ගෙන් ලක්ෂ ගණන් එකතු කරලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.