බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ටුටුන්කාමන්ගේ සාපය හා තෙල් සංස්ථාව! 

by editor
අප්‍රේල් 22, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ගැන මේ දවස්වල කතා නොකරන කෙනෙක් නැහැ . පාර්ලිමෙන්තුවෙන් ඉදං හන්දියේ ඥානක්කගේ කඩේට වෙනකං තෙල් සංස්ථාව ගැන තමයි කතාව. සමහරු සේවකයින්ට බයිනවා, සමහරු හොද කියනවා. තව අය ඇමතිට බයිනවා සමහරු හොද කියනවා . කොහොමහරි දෙපැත්තට දෝලනය වෙච්ච කතන්දරයක් තමා තිබ්බේ.

මේ විදියට තෙල් සංස්ථාව ගැන කථාකරන්න පටන්ගත්තේ ඇයි කියලා ඔයාලට මතක් කලොත්. ලංකාවේ කැබිනට් එක අලුත් සමාගම් 3න කට ලංකාවේ ඛණිජ තෙල් බෙදාහැරීම සම්බන්දයෙන් අවසර දීලා තිබ්බා. ඒකත් එක්ක මේ ගැන ලොකු කතා බහක් ඇති වුනා. ස්ට්‍රයික් එකකුත් පටන් අරං ඒ සේවකයොන්ටත් අනිවාර්යය නිවාඩු යන්න උනා කියලා ඔයගොල්ලෝන්ට මතක ඇති. ඔය අලකලංචි අස්සේ තෙල් බෙදා හැරීමටත් බාදා වෙලා ආපහු පෝලිම් ඇති වෙන්න පටන් ගත්තා මේක කියවන ඔයත් ඔය පෝලිමක හිටිය කෙනෙක් වෙන්න ඇති නේද.

මේ ලිපිය ඒක ගැන කියන්න ලියන එකක් නෙමෙයි මේක තෙල් සංස්ථාව කොපමණ ලාබයක් ලබනවද පාඩු සිද්ද කරගන්නවද කොච්චර ණයද කියන දේ ගැන පොඩි සොයා බැලීමක්. ඉතින් අපි විකුනං කන්න හදන්න යනෝ කියලා පෙර නිගමන වලට එන්නේ නැතුව ලිපිය අවසානය තෙක්ම කියවන්න.

ඉස්සෙල්ලාම අපි ගමු තෙල් සංස්ථාවේ ලාබ පාඩු ගැන විස්තරේ පහත ප්‍රස්ථාරෙන් ඔයාලට පේනවා කොච්චර ලාබයක් හා පාඩුවක් වෙලාද කියලා. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ 2015 සිට 2022 අගෝස්තු මාසේ වෙනකම් විතරක් සිදුවෙච්ච ලාබ හා පාඩු. බලන්න පසුගිය  අවුරුදු 7ක කාලය ඇතුලත සංස්ථාව ලබලා තියන මුළු ලාබය එකතු කෙලොත් රුපියල් බිලියන 61 වෙනවා ඒ කාලයට තුළ පාඩුව රුපියල් බිලියන 849ක් වෙනවා ඒ කියන්නේ 14 ගුණයකට ආසන්න පාඩුවක්. ඉතින් එක රාජ්‍ය ආයතනයක් මේ වගේ පාඩුවක් ලබනවනං සමස්ථ පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලම එකතු කාරම කොච්චර පාඩුවක් ලබනවා ඇතිද ? අපි බංකොලොත් වෙලා ඉතුරු වෙලා ඉන්න එකත් ඇති.

හැබැයි ඉතින් මේ පාඩුව ලබන්න විවිධ කාරණා හේතුවෙනවා අකාර්යක්ශම පරිපාලනය , දේශපාලන මැදිහත්වීම්, රජයේ අනෙකුත් පාඩු ලබන රාජ්‍ය ආයතන වලට ණයට තෙල් සැපයීම, රුපියල බාල්දුවීම, ලොක ඛණිජ තෙල්මිල උච්චාවචනය.

තව සමහරු කියනවා අපිට ලාභෙට තෙල් දීල තමයිනේ අපේ තෙල් සංස්ථාව පාඩු වුනේ කියල. ඔබ දන්නවද ලංකාවේ තෙල් වලින් 70%ක් පාවිච්චි කරන්නේ සමාජයේ ඉන්න 30% වෙච්ච පොහොසත්ම පිරිස කියල. ඒ කියන්නේ  ඔය කියන තෙල් ලාබෙට දීමෙන් වැඩිපුරම වාසිය ලබාගත්තේ ලංකාවේ ඉන්න ඇති හැකි 30% පමණ පිරිස කියලනේ. හැබැයි වැඩිපුරම ඒකේ පාඩුවට ගෙවන්න ඕන ලංකාවේ ඉන්න දුප්පත්ම මිනිස්සු. මේක සාධාරණද? දැන් එහෙම ලාබෙට තෙල් දුන්නයි කියලත් තෙල් මිල අඩු වුනාද? නෑ නේද? 

ලෝක තෙල් මිල කියන කාරනය අත ඇරියත් අනිකුත් සියළුම සාදක වලට ඇගිල්ල දික්වෙන්නේ අපේම පැත්තටමයි. රටක් විදියට අපි ගත්තු වැරදි තීන්දු තීරණ නිසා අපි විහින්ම බංකොලොත් වෙලා ජාත්‍යන්තර හිගන්නෙක් බවට පත්වෙලා තියනවා කියන එක පැහැදිලිව පේන්න තියනවා. 

ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි අවුරුද්දට වියදම් කරන ප්‍රමාණයට වඩා වැඩි මුදලක් එක ආයතනයක මාස 8කට පාඩු ලබන එක සාධරණීකරනය කරන්න පුලුවන් මොන සමාජ සාධාරණ තර්කනය මතද

අපි කියනවා නේද ලාබ ලබනවා කියලා බලන්න මේ ප්‍රස්ථාරේ දිහා

මේ සංස්ථාව සතු වත්කම් ගණන සංස්ථාව මේ කාලයේදී උපරිම ලාබ ලබපු වර්ශය 2016 ලාබය බිලියන 54යි එම වසරේදීම සංස්ථාව සතු වත්කම් ප්‍රමාණය බිලියන 210 යි. අපි බිලියන 54ක් හොයාගන්න බිලියන 210ක් වත්කම් ප්‍රමාණයකින්.  

මේක හන්දියේ ඥානක්කගේ කඩේ උනානනං මෙලහකට කඩේ විතරක් නෙමෙ ඥානක්කවත් කොහොට හරි උගස් තියන්න වෙලා . හැබැයි මේකේ වන්දිය ගෙවන්න ඔනේ හැමදාම සල්ලි දිලා තෙල් ගහගත්තු අපිම තමා. අපි තෙලුත් සල්ලි දීලා ගහගෙන සංස්ථාවේ පාඩු පියවන්න බදුත් ගෙවනවා. මේ දවස් වල වෘතිකයින්ට හිසරදයක් වෙලා තියන උපයන විට බද්ද අරං බලන්න රජය ඒකෙන් ලබන ආදායම රු බිලයන 100 විතර තමා ඇස්තමෙන්තු කරලා තියෙන්නේ හැබැයි සංස්ථාව ඊට 6 ය ගුණයකට වඩා පාඩුයි. 

මීටත් බරපතල කාරනය තමා මේ පාඩු අපේ බැංකු පද්දතියට දරන්න වෙන එක. මේ දවස් වල අපි දේශීය ණය ප්‍රතිව්‍යුහකරනය ගැන කතාකරනවා ඉතින් හිතන්න මෙහෙම පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තුවට ණය දෙන අප‌ෙ බැංකු පද්දතියට අත්වෙන ඉරනම. එතනත් තියෙන්නේ අපේ සල්ලි, ආපහු පාරක් මේ පාඩු අපේ සල්ලි වලින්ම තමා ගෙවෙන්නේ.
මේකනං ටුටුන්කාමන්ගේ සාපෙට වඩා බරපතලයි කියලා අපිට හිතෙන්නේ.


මේ විදයට රටේ බැංකු පද්දතියත් අරාජික කරලා සුරකින රාජ්‍ය ආරක්ශාව මොකක්ද කියලා අපේ කුඩා මොලේටනං වැටහෙන්නැ. මේකෙන් ආපහු පාරක් තැලෙන්නේ පොඩි මිනිස්සුමයි. වෙලාවකට හිතෙන්නේ මේවා රාජ්‍ය සම්පත්ද රාජ්‍ය කොඩිවිනිද කියලා ඒතරමටම රාජ්‍යයට හා මිනිසුන්ගේ ආර්ථිකයට හානිකර බලපෑමක් මේවා තුළින් වෙනවා.

ඒක පිටට පෙන්නේ නැති උනාට අපි ලක්වෙලා තියන උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ පෙන්න පටන් අරං තියනවා ඒක එක අතකින් හොද දෙයක් දැන් මිනිස්සුන්ට තේරෙනවා තමන්ගේ බදු සල්ලි වලට වෙනදේ වත්.

අපි කන පාන් පෙත්තේ රුපියල් 30ක් දීලා බොන ප්ලේන්ටියේ ඉදං ගන්න බදු වලින් නඩත්තු වෙන මේ ආයතන අපිට හරි හමං සේවයක් කරනවද ? කියන ප්‍රශ්ණය අද ගොඩක් දෙනෙක්ට තියනවා.

කාලෙන් කාලෙට චන්දෙන් චන්දෙට පත්වෙන ආණ්ඩු ඇමතිලා සභාපතිලට ඔනෙ ඔන විදියට ඔළුගෙඩි ගාන වැඩි කරලා මේ රාජ්‍ය ආයතන බොයිලර් කුකුලු ගොවිපලවල් කරලා ඉවරයි.

ඒවායේ අකාර්යක්ශමතාවට ප්‍රධාන හේතුව ඒකයි . 

මෙහෙම කියනවට රාජ්‍ය සේවකයෝ අපි ඒක්ක අමනාප වෙන ඒකකක් නෑ ඇත්තටම කාර්යක්ශම වැඩට දක්ශ අවංක රාජ්‍ය සේවකයට මේ පද්දතිය ඇතුලේ කිසිම තැනක් නම් නෑ. ඇමතිට හිතවත් සභාපතිට හිතවත් නැත්තං වෘතියසමිතියට හිතවත් කෙනාට තමා ගොඩක් දුරට මේ ආයතන වල තැන තියෙන්නේ. ඉතින් ආයතනයක් විදියට දිනෙන් දින අගාදයට යන එක අහන්න දෙයක් නෙමෙයි නේද. ඔය ආයතන පාලනය කරන පාලකයින්ට ආයතනය පිළිබද කිසිම හැගීමක් නැත්තේ ඒක ඒයාලගේ නෙමෙයි නිසා. හිතන්නකෝ අපි අපේ බිස්නස් ඒකක් ඔය විදියට හොරාකාලා හොරාකන්න දිලා බංක‌ොල‌ොත් වෙනකං කටබලියන් බලං ඉදීද ? නෑනේ හැබැයි මේ ආයතන පරවේනිගත අම්බලන් වගේ ඔහේ තියනවා කාටවත් කිසිම ගානක් නෑ මොකද මේවා නඩත්තු කරන්නේ ඒයාලගේ සල්ලි වලින් නෙමෙයි අපේ බදු සල්ලි වලින් නිසා.

මේවා කිව්වම ගොඩක් දෙනෙක් අපිට කියන්නේ ඔන්න විකුනං කන්න හදනවා කියලා . ඇත්තටම රජය ඔය ව්‍යාපාර කරද්දි තමයි විකුණං කෑම නියමෙටම වෙන්නේ. නිකං නෙවෙයි අපේ සාක්කුවෙන් බදුත් ඇදල අරං විකුණං කනවා.  අපි මේවා පෙන්නා දෙන්නේ විකුනං කන්න නෙමේ නැත්තං මේවා ඇමතිගෙ මුහුදු මංකොල්ලකාර යාළුවොන්ට අරං දෙන්නත් නෙමේ අපි කියන්නේ මෙම ආයතන හැකි ඉක්මනට ප්‍රතිව්‍යුහගතකරණය කරලා මේවල පරිපාලන දුරුවලතා නැති කරලා බොයිලර් කුකුල් තියරිය නැති කරලා KPI අනුව සේවක කලමනාකරනය කරලා මේ ආයතන රටේ ආර්ථිකයට ශක්තියක් දෙන ගැම්මක් දෙන ආයතන බවට පත්කරන්න ඔන කියන එකයි. පෞද්ගලීකරනය කියන්නේ ඒක එක පුංචි කොටසක් විතරයි.

දැන් අපිට බලශක්ති වෙළදපල දෙස පුළුල් දැක්මකින් බලන්න ඔනකාලේ ඇවිත් ලොකයේ ඊගාව ආර්ථික ඇන්ජිම ඒහා වැටේ තියාගෙන අපිට හිගාකන්න වෙලා තියන ඒකනම් එ‌ෙතිහාසික ඛේදවාචකයක්. අපි අපේ බලශක්ති ශේත්‍රය යාවත්කාලීන කරන්න ඔන‌ේ, ඉතින් ඒක රජයකට තනියෙන් නම් කොහොමත් කරන්න බෑ. හිතන්නකෝ තෙල් සංස්ථාව පටන් අරං අවුරුදු 60කට වැඩි තාම තෙල් නැවක් ගෙන්න ගන්න කොච්චර ගේමක් ගහන්න ඔනෙද කියලා. ඉතින් අපිට පුළුල් වැඩපිලිවලක් ඔනේ ප‌ෞද්ගලික අංශයට විවෘත වෙච්ච ඒසමග සම්බන්ද නිදහස් වෙළදපල ක්‍රියාවලියකින් විතරයි ඒ අභියෝගය ජයගන්න පුළුවන්. ඉතින් මේ එන සමාගම් 3නට අපිට චරිත සහතික නම් දෙන්න බෑ දෙන්නෙත් නෑ මොකද ඒ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබද අපි දන්නේ නැති නිසා. 

නමුත් අපි පෙන්වා දෙන්නේ විනිවිදබාවයෙන් යුතු ස්වාදීන විද්‍යානුකූල වෙළඳපල ක්‍රමවේදයක් මගින් ලංකාවේ බලශක්ති වෙළඳපල විවෘතකල යුතුයි කියලයි. එයට නව නීති සම්පාදනය වෙන්න ඔනේ ඛනිජ තෙල් පමණක් නෙමේ සුනිත්‍ය බලශක්තිය හා පරමානුක බලශක්තිය ගැන පවා අපි අවදානයක් දෙන්න ඔනේ නැතුව තෙල් නැවක් ගේන්න ලොකේ වගේ අනේ කියක් හරි දෙන්නකෝ, කියක් හරි දීලා යන්නකෝ ගගා හිගා කකා දුවන එක නෙමෙයි.

ඔය බොහෝ දෙනා කියන ඉන්දියාවේ සහ චීනයේත් පුද්ගලික අංශයට වගේම විදේශ සමාගම් වලටත් බලශක්ති ක්ශේත්‍රය සඳහා ඇතුලත් වෙන්න ඉඩ දීල තියෙන්නේ. ඒ රටවල් වලත් සම්පූර්ණ ඛණිජ තෙල් ව්‍යාපාරය කරන්නේ රජය පමණක් නෙවෙයි.

රටක් දියනු වෙන්න නම් ඒ රටේ ප‌ෞද්ගලික් අංශය නිදහස් වෙන්න ඔනේ වගේම රාජ්‍ය අංශය කාර්යක්ශම වෙන්න ඔනේමයි. රාජ්‍ය අංශය කාර්යක්ශම කරන්න නම් නව තාක්ශනය හා පරිපාලන ක්‍රමවේද හදුන්වලා දිලා බොයිලර් කුකුල් තියරියෙන් අයින් වෙලා KPI පදනම්ව කුඩා එහෙත් දියණු කාර්යක්ශම රාජ්‍ය සේවා පද්දතියක් හදාගන්න ඔනේ. අන්න එතකොට තමා ඇත්තටම අපිට ටුටුන්කාමන්ගේ ඈත්වෙන්න පුළුවන් වෙලා ජාතික සම්පත් පහලවෙන්නේ.

ජනත් පෙරේරා
ඇඩ්වෝකාටා ආයතනය Communication Executive ([email protected])

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්පාරේ 15 හැවිරිදි දරුවෙක් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගනී…

Next Post

ගැඹුරු මුහුදේ දි අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ හිමිකාරිත්වය ගැන 04 දෙනෙක් පිළිබඳ සැකයි… විමර්ශන අංශ කියයි!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.