පාස්කු ප්රහාරයේ සාහසික ඝාතකයා වූ සහරාන් හසිම් ගේ බිරියගේ සොයුරෙක් පාස්කු ඉරුදින (09) යෙදුන ඊයේ මීගමු කොච්චිකඩේ ප්රදේශයෙදී අත්අඩංගුවට ගත් බව කොච්චිකඩේ පොලිසිය කියයි.
මෙම සැකකරු පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන වසර තුන හමාරක් රිමාන්ඩ් භාරයේ හිඳීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූ අයෙකි.
සිය බිරියගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණි සිටිය දී ඔහුත් ඔහුගේ බිරියත් අත්අඩංගුවට ගනු ලබන්නේ බුද්ධි තොරතුරක් මත ඇතිවූ සැකයක් පදනම් කරගෙන බව පොලිසිය කියයි.
කොච්චිකඩේ ප්රදේශයේ බිරියගේ මවුපියන්ගේ නිවසට යන බව කටුපොත පොලිසිය දැනුම්වත් කර පැමිණි බව සැකකරු කොච්චිකඩේ පොලිසියට ප්රකාශයක් දෙමින් පවසා තිබේ.
අත් අඩංගුවට ගත් අඹු සැමි යුවල මීගමුව වැඩ බලන මහේස්ත්රාත් නෙල්සන් කුමාරනායක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 20 දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු වර්ෂ 2019 සිට රිමාන්ඩ් භාරයේ පසුවී 2022 වසරේ සැප්තැම්බර් 23 දා මහාධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබ සිටි අයෙකි.







