ශ්‍රියානි විජේසිංහ –
රජය ගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙළ වහාම පරාජය කිරිමට අද රැස්වූ වෘත්තිය සමිති , බහුජන සංවිධාන, ශිෂ්‍ය සංගම් ඇතුලු විවිධ සංවිධායන් ඒකමතිකව තීරණය කළ බව වෘත්තීය සමිති එකමුතුවේ සඳහන් කරයි.
නාරාහේන්පිට වෘත්තීය සමිති මධ්‍යස්ථානයට රැස්වූ මෙම පිරිස හෙට (4) දහවල් 12.00ට ආණ්ඩුවට සිය විරෝධය පලකිරිමට සදහා කොටුව දුම්රිය ස්ථානයේදී උද්ඝෝෂණයක නිරත වීමට තීරණය කළ බව එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.
ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්ත, ත්‍රස්ත විරෝධි පනත, වෘත්තීය සමිති නායකයින් හා වෘත්තීය සමිති මර්දනය කිරිම, රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරිම හා උද්දමනයට සාපේක්ෂව දීමනාක් ලබා ගැනීම යන ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණය ආරම්භ කිරීමට සියලුම සාමාජිකයින් එකමතිකව තීරණය කළ බවද හෙතෙම පැවසිය.
තම ඉල්ලීම් දිනා ගන්නා තෙක් අද රැස්වූ වෘත්තීය සමිති සියල්ල එකාමෙන් එකට කටයුතු කිරීමටද මෙහිදී එකඟගතාවකට පැවිණි බවද සදහන්වේ.







