බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලවතුගොඩ තරුණ කාන්තාවගේ ඝාතන නඩුව අද කැඳවෙයි… ඝාතකයා සොයා දෙන්නැයි ගැමියන්ගෙන් සමන් දෙවියන්නට කන්නලව්වක්!

by editor
මාර්තු 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අලවතුගොඩ විලානපල්ලේගම  ඇල්ලෙකඩේ  ප්‍රදේශයේ දී ඝාතනය කළ ධනුකා මධුවන්ති (26) නැමැති 26 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධ නඩුව අද (22)  මහේස්ත්‍රාත් අතිරේක 1 අධිකරණයේ දී කැඳවිමට නියමිතව තිබේ.

ඝාතනය සිදුකර දින 11ක් යනතුරුත් ඝාතකයා අනාවරණය නොවුන සිද්ධියෙන් අනතුරුව මේ වනවිට ගම්වාසීන් දැඩි භීතියකින් පසුවන බවත්, ඔවුන් සවස් යාමයේ නිවෙස්වලින් එළියට යෑමට මැලිකමක් දක්වන බවත් ප්‍රදේශයේ ගැමියන්ගෙන් ලද තොරතුරුවලින් වාර්තා වේ.

ඝාතනය සම්බන්ධ ප්‍රධාන සැකකරුවන යුද හමුදා සෙබලා සහ එම ඝාතනයට සම්බන්ධයැයි සැක කරන පුද්ගලයින් පිළිබඳව අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින්  පවතින අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ සාක්ෂි සහ වෙනත් සාක්ෂි මත  මළ සිරුරින් හමුවූ ජීව කොටස් සහ ආගන්තුක ද්‍රව්‍ය  ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කිරීමට අද අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිතව ඇත.

මේ අතර ඝාතනය වූ ධනුකා මධුවන්තිගේ ඥාතීන් අසල්වාසීන් එක්ව ඇය ඝාතනය කර සඟවා දැමූ වෙල් යායේ සිට අලවතුගොඩ නගර මධ්‍යයට පා ගමනින් ගොස් අලවතුගොඩ සමන් දේවාලයට පැමිණ පොල් ගසා මේ අපරාධයේ ඝාතකයා සොයා දෙන ලෙස දේව කන්නලව්වක් කිරීමට නියමිතව තිබේ.

තරුණ කාන්තාවගේ සිරුර සඟවා තැබූ කුඹුර…

මරා දැමීමෙන්න අනතුරුව සිරුර නිවස අසල ඇති කුඹුරේ මඩේ ඔබා   සිරුරට උඩින් ඇති මඩ මත ගොයම් ගස් ද සිටුවා තිබියදී පොලිසිය විසින් සිරුර සොයා ගැනුණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සිරුර හමුවන විට සිරුරේ තිබී ඇත්තේ ටීෂර්ට් එකක් පමණි.   කාන්තාව මරණයට පෙර දූෂණය වී ඇති බවත් ගෙල සිරකර ඇයව මරා දමා මෙම ස්ථානයට රැගෙන විත් මඩේ ඔබා ඇති බවත් මූලික විමර්ශනවලින් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම මරණය  ගෙල සිරකර සිදුකළ එකක් බවත් කාන්තාව ඇඳගෙන සිටි  ඇඳුමේත්  කාන්තාවගේ  නියපොතුවල තිබූ කොටස් මෙන්ම යෝනි මාර්ගය තුළ තිබූ ද්‍රව්‍ය ඩී.එන්.ඒ පරීක්ෂනයකට යොමු කරන  මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ශිව සුබ්‍රමනියම් විසින්  සිය තීන්දුවේ දක්වා තිබේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධ ඇසින් දුටු සාක්ෂි නොවීමත් දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අත්අඩංගුවට පත් වන්නේ පොලිස් නිල සුනඛ ඒකකයේ සුනඛයා ඉව පාරේ ගොස් ලබා දුන් ඉඟියක් මත වීමත් අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනය සම්බන්ධ සියලු සිදුවීම් ප්‍රතික්ෂේප කිරීමත්  නිසා ඝාතකයා සොයා ගැනීම විද්‍යාත්මක සාක්ෂි තහවුරුව මතම තීරණය වීමට නියමිතව  ඇත.

“අපි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු කියන්නේ ඔහු ධනුකාගේ ඝාතනය සිදු කළේ නැහැ කියලයි. ඒත් අපිට සැකකරුගේ රුධිර සාම්පල ඇතුළු සෙසු සාම්පල අරගෙන ඒවා මියගිය කාන්තාවගේ රුධිර සාම්පල හා ශුක්‍රාණු සාම්පලත් එක්ක සංසන්දනය කිරීම සඳහා ඩී. එන්. ඒ. පරීක්‍ෂණයට යොමු කරන්න අදහස් කරනවා. ඒ වාර්තාවෙන් ලැබෙන තීරණයට අනුව ඉදිරි විමර්ශන කරන්න අපිට පුළුවන්…”   අලවතුගොඩ  පොලිසිය කියන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ඉහළම තැන්වලට ගුප්ත බලයෙන් සාත්තු කළ ඥානා මෑණියන්ගේ දියණියගේ නිවසින් මිලියන 08ක රන් බඩු උස්සලා…

Next Post

 පසුගිය කාලේ ලංකාවේ ආර්ථික උපක්‍රම ම්ලේච්ඡයි මොට්ටයි! IMF  ශ්‍රී  ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දූත ප්‍රධානී පීටර් බවර්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.