විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්මලාන ප්‍රදේශයේ ජනහමුවකට සහභාගීව සිටියදී එම වේදිකාවට ගල් ප්‍රහාර කිහිපයක් එල්ල කළ පුද්ගලයන් දෙදෙනකු ගල්කිස්ස පොලීසිය මඟින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රී 9ට පමණ සජිත් ප්‍රේමදාස මහතා ජනහමුව අමතමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම රැස්වීම සංවිධානය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ගල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව ගල්කිස්ස පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසියේ ඉහළ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ගල් ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බව වෛද්‍ය පරීක්ෂණයකින් හෙළි කර ගත් බව ද එම නිලධාරියා පැවැසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 21 සහ 40 වයස්වල පසුවන්නෝ වෙති.
මෙම සැකකරුවන් ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.