ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය.
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවෙනි සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ සමගි ජන බලවේගය පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම්ය.







