පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම වලක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල් ඩබ්.එම්.ආර් විජේසුන්දර ගොනු කල රිට් පෙත්සම මැයි 11 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය.
ඒ එස් තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සමය අද යළි කැඳවුනූ අවස්ථාවේ දී ය.
වග උත්තර කරුවන් ලෙස , මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඇතුළු නව දෙනෙක් නම් කරමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබු යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයා අධිකරණයට කියා සිටියේ රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති බැවින් ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරනය.
එම පෙත්සම අදට (23) පෙර විමසීම කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටිය ද තැපැල් ඡන්ද ප්‍රකාශය දින නියමක් නැතිව කල් ගොස් මැතිවරණ කොමිසම විසින් මැතිවරණය තැබීමට ප්‍රතිපාදන නොමැති බව අධිකරණයට මෝසමක් මගින් දැන්වීමෙන් අනතුරුව එවැනි ඉක්මන් කැඳවීමක් අවශ්‍ය නොවන බව පෙත්සම්කරු කීවේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ඡන්දයක් නැති බවය.