බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාසෙකට කෝටි 90ටත් වඩා අපෙන් කොල්ල කන දුරකථන ඇප් මාෆියාව

කොල්ල කෑම සිදුවන්නේ දුරකථන සමාගම් දැනුවත්ව...

by editor
සැප්තැම්බර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කවදා හෝ ඔබ නොදැන ඔබට අනවශ්‍ය සේවාවක් සඳහා ඔබ විසින් දුරකථන සමාගම්වලට ගෙවන රීලෝඩ් වලින්, මාසික ගෙවීම් වලින් මුදල් කැපිලා තියනව ද?.

එය ප්‍රධාන දුරකථන සමාගම් දැනුවත්වම කරන අතිශය කූට ජාවරමක් බවත් ඔබ ඒ ජාවාරමේ පහසු ගොදුරක් වී ඇති බවත් ඔබ දැන සිටියා ද?

එසේ නම් ඉතාම හොඳින් අප කියන මේ කතාවට සවන් දෙන්න.

ලංකාවේ පිළිගත් ප්‍රධාන දුරකථන සමාගම් සියල්ලක්ම කුමක් හෝ ඇප් එකක් හදලා විවිධ සේවාවන් සලසන්න අවස්ථාවක් තුන්වන පාර්ශවයක් වෙත ලබා දී තිබෙනවා. සමහර ආයතන ඒ සඳහා මුදලක් අරගෙන නිශ්ඡිත සේවාවක් සපයනවා. උදාහරණ තමයි ප්‍රධාන ප්‍රවෘත්ති ඒජන්සි විසින් ලබා දෙන නිවුස් ඇලට් සේවය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

නමුත් සමහර පුද්ගලයන් හෝ අසංවිධිත ආයතන ඇප් හදලා තියනවා පාරිභෝගිකයාට කිසි සේත්ම වැදගත් නොවන සේවාවන්වලට. ඒ සඳහා පාරිභෝගිකයාගේ කැමැත්කින් තොරව ලියාපදිංචි කරගන්නවා. සමහරු ඒක කරන්නේ කිසිම සේවාවක් නොදී මුදල් කපා ගන්න ආකාරයට අපේ ජංගම දුරකථන තුළ ඔවුන්ගේ ඇප් ඇක්ටිව් කරනවා.

කොහොමද ඒක වෙන්නෙ?

එහෙම ඇක්ටිව් කරන විධි කීපයක් තියනවා. එකක් වෙන්නෙ මෙහෙමයි. ඔබේ දුරකථනයට සමහර විට වෙබ් එකක ලින්ක් එනවා ඇති මැසේජ් විදිහට. ඒ වෙබ් එක බොහොම ආකර්ෂණීය එකක් වෙන්න පුලුවන්. ඒ ලින්ක් එක ක්ලික් කළාම ඔවුන් ඔබේ දුරකථන අංකය ඉල්ලනවා. නම්බර් එක දැම්මාම මැසේජ් එකක් එනවා. එය ක්ලික් කළ ගමන් ඔබේ දුරකථනයෙන් මුදල් කැපෙන්න ගන්නවා. ඔබ දන්නෙ නෑ මොකද උනේ කියලා. ඔබ දන්නෙ නෑ මුදල් කැපෙන එක කොහොමද උනේ කියලා. ඒ වගේ වෙබ් අඩවිවලින් එන ආරාධනා හොඳම විශ්වාසයකින් තොරව පිලිගන්න එපා.

පොප් අප් මැසේජ්

දෙවෙනි එක තමයි අපේ ජංගම දුරකථනවලට එන පොප් අප් මැසේජ්. මැසේජර්ස් ඒක ඕකේ කළොත් සල්ලි කැපෙනවා. කැන්සල් කළොත් සල්ලි කැපෙන්නෙ නැ. බොහෝ දෙනෙකන් මේ කියන මැසෙජ් එක මොකක්ද දන්නෙත් නෑ. කියවන්නෙත් නෑ. මැසේජ් එක ස්ක්‍රීන් එ‍කෙන් අයින් කරගන්න ඕන නිසා ඕකේ එක එබුවොත් ඒ ඇප් එකට රෙිජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වෙන වෙලාවෙ ඉඳන් සල්ලි කැපෙනවා. පොප් අප් මැසේජ් එකක් ස්ක්‍රීන් එකෙන් ඉවත් කරන්න කලින් එය කියවා තේරුම් ගන්න. තේරුම් අරන් එය ඉවත් කරගන්නා කමාන්ඩ් එක ටච් කරන්න.

කමියුනිකේෂන් අයියලා

තුන්වෙනි එක තමයි අපි කවුරුත් නොහිතන එක. මේ විදිහෙ ඇප් හදන අය කරන්නෙ සංවිධානාත්මක ව්‍යාපාරයක්. මේ ඇප් කාරයො පාරවල් අසල, කමියුනිකේෂන්වල සිම් විකුණන අයට කෝඩ් එකක් දෙනවා සිම් එක විකුණනකොටම ඇක්ටිව් කරන්න. ඇක්ටිව් කරන සෑම සිම් එකකටම රුපියල් සියයේ සිට තුන්සීය දක්වා මුදලක් ඇප් කරුවන් සිම් එක විකුණන පුද්ගලයාට ලබා දෙනවා. ඔවුන් සිම් එක විකුණන්නෙම ඒ කොර්ඩ් එක ගහලා ඇප් එක ඇක්ටිව් කරලා. සිම් එකක් අලුතින් අරන් කමියුනිකෂෙන් එකකින් ඒක දාගන්න යන ගොඩක් දෙනෙක් මේ වංචාවට හසු වෙනවා. ඇප් එක ඇක්ටිව් උන වෙලාව ඉඳන් සිම්වලට දාන රීඩ් ලෝඩ් එකකින් රුපියල් රුපියල දෙක කැපිලා යනවා. රුපියල් පහක් කැපෙන වෙලාවල් තියනවා. ගොඩක් වෙලාවට මේ පොඩි මුදල අපට දැනෙන්නෙ නෑ. අපට කිසිම සේවාවක් නොදී තමයි මේ මුදල ගසා කන්නෙ.

මේ විදිහටම මුදල් හොයාගෙන සුපිරි විදිහට ජීවත් වෙන ඇප් කාරයො ඉන්නවා. ඔවුන් තරුණයන් කීප දෙනෙක් හොයාගෙන සිම් විකුණනවා. සිම් එකේ මිලත් ඒ තරුණයන්ට දෙනවා . ඇප් එක ඇක්ටිව් කරනවට තව රුපියල් සීයක් දෙනවා. ඇප් එක ඇක්ටිව් වෙච්ච වෙලාවෙ ඉඳන් මුදල් කැපෙනවා.

දුරකථන සමාගම් මේ ජාවාරමට නවත්වන්න මැදිහත් නොවන්නේ ඇයි?

මේ ජරා වැඩේ නවත්වන්න එය නියාමනය කරන්න දුරකථන සමාගම්වලට පුලුවන්. අපෙන් මුදල් අරගෙන සර්විස් එකක් දෙන්න බැරි ඇප් ගැන පැමිණිල්ලක් ලැබුණට පස්සෙවත් ඒවා නිශ්ක්‍රීය කිරීමේ සාදාචාරයක් දුරකථන සමාගම්වලට තියනවා. හැබැයි දුරකථන සමාගම් ඒ වැඩේ කරන්නෙ නෑ. මොකද මේ සමාගම් ඇප් කාරන්ට තමන්ගෙ ජාලයට පිවිසිලා ව්‍යාපාරය කරන්න ප්‍රවේශය ලබා දෙන්නෙ මූලික ගෙවීම් වලින් අනතුරව උපයන ආදායමෙන් ප්‍රතිශතයක් ලබා ගැනීමේ එකඟතාවය මත. අනික ඇප් එකකින් කැපී යන්නේ පාරිභෝගිකයෙක් දුරකථන සමාගම් වෙත ලබා දෙන මුදල. ඉන් ප්‍රතිශතයක් නැවත සමාගම්වලට ලැබෙනවා.

මේ සමාගම් සහ ඇප් කාරයින් ජාවාරමෙන් දවසක නිකම් උපයන ලාභය මිලියන විස්සක් තිහක් වෙනවා. එහෙම වෙන්නේ මේ විදිහට. ලංකාවෙ ඇක්ටිව් සිම් ප්‍රමාණය බැලුවොත් දල වශයෙන් ජනගහණය වගේ දෙගුණයක්. ඒ කියන්නෙ අවම වශයෙන් කෝටි 04කට ආසන්න සිම්පත් ප්‍රමාණයක් ලංකාවේ ව්‍යවහාර වෙනවා. මින් වැඩිම සිම්පත් ප්‍රමාණයක් ඇක්ටිව් කරලා තියෙන්නෙ ලංකාවේ ප්‍රධානම දුරකථන සමාගම් දෙක්ක විසින්. මේ එක් ප්‍රධාන සමාගමක පාරිභෝගිකයන් ප්‍රමාණය මිලියන 15ක් පමණ නම්, ඔවුන්ගෙන් සියයට දහයක් දවසකට රුපියල් දෙකක් කැපෙන ආකාරයට මේ වංචාවට හසුවෙනවා නම් කිසිම සේවාවක් නොදී මේ සමාගම් සහ ඇප් කරුවන් දිනකට උපයන ලාභය මිලියන තුනයි. දල වශයෙන් මාසෙකට මිලියන අනූවයි. ඒ කියන්නෙ ලක්ෂ 900යි.

සමාගම් කියන කතාව මේ සමාගම් විසින්ම ඇප් කාරයන්ට තම ජාලය ඇතුළෙ ජාවාරම් කරන්න ප්‍රවේශය දීලා පාරිභෝගිකයෙක් පැමිණිලි කළාම කපාගත්තු මුදල් ආපසු ලබා දෙන්නෙ නෑ. ඔවුන් කියන්නේ මේ වැඩේ කරන්නෙ තර්ඩ් පාටි ඇප් එකක්. අපි දන්නෙ නෑ කියලා. ඔයා වැරදිලා ඇක්ටිව් වෙලා කියලා. හැබැයි අපි ඒ ආයතනයට දීපු සල්ලි තමයි මේ ගන්නෙ.

ඇප් කාරයන් එක්ක එකතු වෙලා කරන මේ ජාවාරමෙන් මේ කිසිම දුරකථන සමාගමකට බේරෙන්න බෑ. අවශ්‍ය වෙන්නෙ අප මේ ගැන දැනුවත් වීමයි. ඒ වෙනුවෙන් හඬක් නැගීමයි. අපි උපයන රුපියලක්වත් අපට නිකම් ලැබෙන්නෙ නෑ, ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ සෑම රුපියලකටම වටිනාකමක් තියනවා. ඒ නිසා ඒ සෑම ශතයකටම අදාල වටිනාකම දෙන්න. නිකරුනේ කිසිම ජාවාරමෙකුට අපව සූරා කන්න නොදී සිටිමේ අයිතියක් අපට තියනවා.

අඩුම තරමේ මේ ජාවාරම තමන් දන්න බව මේ දුරකථන සමාගම් වලට කතා කරලා කියන්න හැකි පෞරුෂයක් හදා ගන්න. ඒක මේ රටේ හෙට දවසටත් වැදගත් අභ්‍යාසයක්  වේවි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මගේ සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක විය යුතුයි..

Next Post

නිරෝධායනය මුවාවෙන් රට ඉඳන් එන අය සුද්ද කරන ජාවාරමක්

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.