දිනසේන රතුගමගේ –
යාපනය චාවාකච්චේරී ප්රදේශයේ නිවසක සිටි කාන්තාවක් හා කුඩා දරුවකු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් 20 දා බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් තිබේ.
මෙසේ පැහර ගන ගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක හා අවුරුදු 3 ක දැරියකි.
වෑන් රියකින් පැමිණි හතර දෙනෙකු විසින් මේ දෙදෙනාව බලහත්කාරයෙන් වෑන් රථයට නංවා ගෙන පලා ගිය බවත් ඔවුන් විලාප තබමින් වෑන් රථයේ ගමන් කළ බවත් සිද්ධිය දුටු පිරිසක් ප්රකාශ කොට තිබේ.
මේ පිළිබදව චාවාකච්චෙරී පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් ආරම්භ කළ මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ පැහැරගෙන ගිය කාන්තාවගේ සැමියා කැනඩාවේ සේවය කරන බවත් ඔහු කැනඩාවේ සෑහෙන කලයක් ජීවත් වන බවත්ය.
කාන්තාව හා දරුවා පැහැර ගෙන යන ලද්දේ කවුරුන් විසින්ද යන්නත් පැහැර ගැනීමට හේතුවත් මෙතෙක් අනාවරණැය වී නොමැති අතර චාවාකච්චේරී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවතා ගෙන යයි.







