බඩඉරිගු කියන්නෙ ගුණයෙන් අනූන ධාන්‍ය ආහාරයක්. බඩරිගු මිශ්‍ර කර රසවත් කෑම වර්ග කීපයක් ගෙදරදීම හදා ගන්නා ආකාරය ගැන අප අද ඔබට කියන්න උත්සාහ කරනවා.
බඩ ඉරිඟු කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
- කැකුළු හාල් කෝප්ප 2ක්
යාන්තමට තම්බාගත් ලපටි බඩ ඉරිඟු ඇට කෝප්ප 1 1/2ක්
මිටිකිරි කෝප්ප 3 1/2ක්
ලුණු ස්වල්පයක්
හාල් සෝදා සෝදා බත ඉදෙන්න අවශ්‍ය තරම් වතුර දාල ලිපේ තබා බත බාගෙට තැම්බීගෙන එන විට බඩ ඉරිඟු ටික එයට එකතු කර ගන්න. බත හොඳට ඉදුණු පසු ලුණු කලවම් කරපු මිටි කිරි දමා හින්දගන්න.
බඩ ඉරිඟු වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් ඉරිඟු කෝප්පයක්
සහල් පිටි කෝප්ප 1/3 ක්
හීනියට කැපූ ලූණු ගෙඩියක්
අමු මිරිස් කරල් දෙකක්
මිරිස් කුඩු හැඳි 1/2ක්
තලා ගත් ඉඟුරු හැඳි බාගයක්
තලා ගත් සුදුළූණු බික් 2ක්
සිහින්ව කැපූ කොත්තමල්ලි කිහිපයක්
ලුණු
වතුර ස්වල්පයක්
තෙල්
බඳුනකට සහල් පිටි, ලූනු, මිරිස් කුඩු, ඉඟුරු, සුදුළූණු, කොත්තමල්ලි කොළ, ලුණු සහ වතුර ස්වල්පයක් එකතු හොඳින් මිශ්‍ර කර බෝල කරන්න. දැන් ගැඹුරු තෙලේ බැද ගන්න.
බඩ ඉරිඟු මසාල කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් බඩ බරිඟු කේප්ප දෙකක්
දුරු ඇට තේ හැන්ඳක්
ඔලිව් තෙල් තේ හැඳි 2 ක්
සිහින්ව කැපූ ලූණු ගෙඩියක්
තලා ගත් ඉඟුරු තේ හැඳි 1/2 ක්
තලා ගත් සුදුළූණු බික් 4ක්
මිරිස් කුඩු මේස හැඳි 1 1/2 ක්
කහ තේ හැඳි 1/2ක්
තුන පහ තේ හැඳි 2ක්
ගරම් මසාලා තේ හැඳි ¼ක්
ලුණු
උණුසුම් කිරි කෝප්පයක ¼ ක්
කොත්තමල්ලි කොල 5 -6 ක්
කරපිංචා කොල 5-6 ක්
ලොකුවට කැපූ තක්කාලි ගෙඩි 3ක්
බටර් තේ හැන්ඳක්
බඳුනක් ගෙන තෙල් දමා රත් වූ පසු එයට කරපිංචා, සුදු ලූණූ, ඉඟුරු, දුරු දමා මේපරාදු වීමට හරින්න. දැන් එයටම ලූණු එක් කර තෙම්පරාදූ වන විට තක්කාලි දමා කවලම් කරමින් මද ගින්නේ පිසෙන්න හරින්න. එයට මිරිස් කුඩු, කහ, තුන පහ එක් කරමින් හොඳින් කලවම් කරන්න. මේ සියල්ල් හොඳින් පිසෙන්න හැර තව බටර් ටික එක් කර කලවම් කරමින් එයට ඉරිඟු සහ කිරි එක් කර තෙම්පරාදු කරගන්න. විනාඩි 10 ක් පමණ තබා ගරාම් මසාලා, කොත්තමල්ලි සහ ලුණු එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
බඩ ඉරිඟු පැන් කේක්
අවශ්‍ය දේ
- සිහින්ව කැපූ zucchiniගෙඩියක්
ලුණු තේ හැන්ඳක්
තම්බා ගත් බඩ ඉරිඟු කෝප්පයක්
බීට් කර ගත් බිත්තර 4 ක්
මින්චි කොල කිහිපයක්
සිහින්ව කැපූ ලූණු ගෙඩියක්
තලා ගත් සුදු ලූණු බික් 4ක්
ගම්මිර්ස් කුඩු තේ හැන්ඳක්
චෙඩාර් චීස් කේප්ප 1/2ක්
පාන් පිටි කෝප්පයක්
ඔලිව් තෙල් තේ හැඳි 2 ක්
කඩල පිටි මේස හැඳි 5ක්
බඳුනකට zucchini,ඉරිඟු , බිත්තර, මින්චි කොල, සුදු ලූණු, ගම්මිරිස්කුඩු, ලුණු එක් කර කවලම් කරගන්න. දැන් එයට පාන් පිටි හා කඩල පිටි පිටි ටික ටික එකතු කර මිශ්‍රණයක් සාදා ගන්න. පැන් එකකට ඔලිව් තෙල් දමා රත් වූ පසු මිශ්‍රණයෙන් මේස හැන්ඳක් පමන ගෙන පෑන් එකට දමා පැතැලි කර ගන්න.
ඉරිඟු මෆින්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කෝප්ප 2ක්
තැම්බු ඉරිඟු කෝප්පයක්
බේකිං පවුඩර් තේ හැඳි 3/1ක්
බේකිං සෝඩා තේ හැඳි 3/1ක්
බිත්තර 2 ක්
සීනි කේප්ප කාලක්
උණු කර ගත් බටර් තේ හැඳි 8ක්
ග්‍රීක යෝගට් මේස හැඳි භාගයක්
කිරි කෝප්ප 1/2ක්
බඳුනකට බිත්තර, දිය වූ බටර්,සීනි සහ කිරි දමා හොඳින් බීට් කර ගන්න. එයට පාන් පිටි සහ ඉරිගු එක් කර නැවැත බීට් කරන්න. බෙකින් සෝඩා සහ බොකින් පවුඩඩර් එක් කරන්න.
මිශ්‍රණය මෆින් ට්‍රේ එකකට දමා ෆැරන්හයිට් 400 ප්‍රී හීට් කර ගත් අවන් එකේ විනාඩි 18 පමණ තබන්න.
බඩ ඉරිඟු කුකිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා හොඳින් වියලා ගත් හෝ ශීත කළ ඉරිගු කෝප්ප දෙකක්
දුඹුරු සීනි සීනි කෝප්ප 1 1/2ක්
බටර් ගෑම් 150 ක්
බිත්තරයක්
පාන් පිටි කෝප්ප 1 1/2ක්
බේකිං පවුඩර් තේ හැඳි 3/1ක්
බඳුනකට දුඹුරු සීනි සහ බටර් දමා බීට් කර ගන්න. එයට බිත්තරය එක් කරමින් දැන් නැවත බීට් කරන්න. පිටි විටෙන් විට එක් කරමින් බීට් කර එයට ඉරිගු කවලම් කරමින් නැවැත බිට් කර ගන්න. බෙකින් පවුඩර් දමා කවලම් කර තලපයක් වූ පසු කුඩා බෝල කර යාන්තමින් පැතැලි කර බටර් ගා ගත් ට්‍රේ එකක් මත අසුරා විනාඩි 10 පමණ වසා තබා ෆැරන්හයි 350 ට විනාඩි 18ක් බේක් කරගන්න.
බඩ ඉරිඟු අයිස් ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- තැම්බු ඉරිඟි කේප්ප 2ක්
සිනි කෝප්පයක්
කිරි කෝපප්යක්
විප් ක්‍රීම් ග්‍රෑම් 200ක්
වැනිලා මේස හැන්ඳක්
බඳුනකට ඉරිඟු, සිනි, කිරි හා විප් ක්‍රීම් දමා කවලම් කරන්න.එයට වැනිලා එක් කර කලවම් කර ගෙන ඉන් පසු අධි ශීතකරණයේ රැයක් තබා රස කර බලන්න