පසුගිය මාසයේදී කර්මාන්ත කිහිපයක සමාගම්, නව ආදායම් බදු ඔවුන්ගේ කාර්ය මණ්ඩල වැටුප්වලින් අඩු කිරීමෙන් පසු රුපියල් මිලියන ගණනක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
කර්මාන්ත ආරංචි මාර්ග පවසන ආකාරයට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයින් තිදෙනා පසුගිය මාසයේදී සේවක වැටුපෙන් රුපියල් බිලියනකට ආසන්න පුද්ගලික ආදායම් බද්දක් ලබා දී ඇත.
ඊට අමතරව කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් 150 දෙනෙකු සිටින පුනර්ජනනීය බලශක්ති අනුබද්ධිත ආයතනයක් රු. මිලියන 10ක් පුද්ගලික බදු වශයෙන් රජයට ලබා දී තිබේ.
එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා එම පවුත් පතට පවසා ඇත්තේ සිය සමාගම අයත් ව්‍යාපාර සමූහයේ කාර්ය මණ්ඩලය 4000කට අධික සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ගෙන් 3000ක් පමණ රු 100 000 ඉක්මවූ වැටුප් ලබන බැවින් ඔවුන් බදු ගෙවීමට යටත් වන බවත්ය.
මේ අතර, රුසියානු සමූහාණ්ඩුවේ හිටපු තානාපති සහ ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ආචාර්ය සමන් වීරසිංහ පැවසුවේ බදු අවශ්‍ය නමුත් මේ වන විට එවැනි බදු ක්‍රියාත්මක කිරීම ප්රශ්නකාරී බවයි. වත්මන් ආර්ථික අර්බුදය සහ ඉහළ උද්ධමනය සමඟ මෙම බදු මධ්‍යම පාන්තික පවුල්වල පවුල් පද්ධතිය මුළුමනින්ම බිඳ දමා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“බොහෝ පවුල්වල නිවාස ණය, වාහන ණය,වගේ දේවල් තියෙනවා.. ඔවුන්ගේ වැටුපෙන් සැලකිය යුතු මුදලක් මේ සඳහා වෙන් කළ නමුත් දැන් එය ඊට වඩා වැඩියි. අද අපට බුද්ධිගලනයක් ඇති වීමට ප්‍රධාන හේතුව තමයි මේක..”
සන්ඩේ ටයිම්ස් ව්‍යාපාර සමාජය, සංවිධානය කළ සාකච්ඡාවකදී ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසා ඇත්තේ, ආර්ථික අර්බුදය හේතුවෙන් ඉංජිනේරුවන් 80 දෙනෙකු විදේශ රැකියා සොයා ගොස් ඇති බැවින් විදුලි බල මණ්ඩලයට ඔවුන්ගේ සේවය අහිමිව ඇති බවයි.
විශ්ලේෂකයින් පවසන්නේ සියයට 36ක ආදායම් බද්ද සෘජු බද්දක් වීම හැර පාරිභෝගිකයන් මීට අමතරව ගෙවන වක්‍ර බදු රැසක් පවතින බවයි. ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා පාරිභෝගිකයන් සෘජු බදු ගෙවන බව ඔවුහු පෙන්වා දුන්හ.
කැපී පෙනෙන උදාහරණ වන්නේ ආහාර, බීම සහ සන්නිවේදනය යි