බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 54 රාජ්‍ය මුදල් වංචාවක් ගැන CID පරීක්ෂණයක් වෙනුවට ජනාධිපතිගෙන් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය?

by editor
පෙබරවාරි 6, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

රාජ්‍ය  මුදල් භාවිතා කරමින් පවත්වාගෙන යන රජයේ වී මිලදී ගැනීම් ක්‍රියාවලිය තුළ, දිසාපතිවරුන් 04 දෙනෙක් විසින්  රුපියල් කෝටි පනස් හතරකට අධික මුදල් වංචාවක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවන ව්‍යාපෘතියක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පවත්වනවා වෙනුවට ඊට කැබිනට් අනුමැතිය ලබා දීමට මුදල් ඇමතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බවට චෝදනා එල්ල වි තිබේ.

දිසාපතිවරුන් විසින් භාණ්ඩාගාරයේ මුදල් යොදවා 2019/20 මහකන්නයේ මිල දී  ගත් වී තොග වර්ෂ 2022 අප්‍රේල් වනතෙක් සඟවා තබාගෙන, ඉන් ලබාගත් සහල් කිලෝ පනස් හය ලක්ෂ  අසූ හතර දාහක්,  කිලෝවක් රුපියල් 200 -250 දක්වා මිලකට අලෙවි කිරීම පිළිබඳ මේ චෝදනාව එල්ල වී ඇත.

ඔවුන් සඟවා තබා ගත්තේ අතිශය දුෂ්කර ජීවිතයක් ගතකරමින් සිටින හාමත් වූ ජන සමාජයකට සහන මිලක් සහිතව නිකුත් කිරීම සඳහා රාජ්‍ය  ව්‍යාපෘතියකින් නිශ්පාදනය වන සහල් වීමත්, සඟවා තැබූ  වී  තොග සහල් කර දෙවසරකට පසු අලෙවි කළ මේ ජාවාරමෙන් ඔවුන් උපයා ගත් මුදල දල වශයෙන් කෝටි 110කට අධික වීමත් පිළිබඳව චෝදනා කරන පාර්ශවය පෙන්වා දෙයි.

මෙම සාහසික රාජ්‍ය මුදල් වංචාව හෙළි වූ පසු අතුරුදහන් කළ සහල්තොගයෙන් රජයට සිදු වී ඇති පාඩුව 2019 -20 වසරවල සහල් කිලෝවක වෙළෙඳපල මිල වන රුපියල් 97ක මිලකට ගණනයකර සහන කාලයක් ද ලබා දී අය කරගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා  කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද එම පාර්ශව පෙන්වා දෙයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් සුළු හා මධ්‍යපරිමාණ වී මෝල් හිමියන් හරහා රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය 2019-20 මහ කන්නයේ සිට ක්‍රියාත්මක විය. අනතුරුව අදාල වී තොග සහල් කර වෙළෙඳ පලට නිකුත් කරනු ලැබුවේය.

ව්‍යාපෘතියේ අරමුණ –

මෙම වැඩසටහනේ අපේක්ෂිත අරමුණ වූයේ වී ගොවීන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ලැබීම තහවුරු කිරීමත්, සාධාරණ මිලකට පාරිභෝගිකයිනට සහල් මිල දී ගත හැකි වන පරිදි සහල් තොග වෙළෙඳපලේ පවත්වා ගැනීමත්ය. ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මහා භාණ්ඩාගාරය විසින් අරමුදල් සම්පාදනය කළේය.

කැබිනට් මණ්ඩල අනුමැතියක් මත මහා භාණ්ඩාගාරය විසින් ලබා දෙන චක්‍රලේඛ උපදෙස්වලට යටත්ව සුළු හා මධ්‍ය  පරිමාණ වී මෝල් හිමියන් සමග ගිවිසුම්ගතව ඔවුන් හරහා වී මිලදී ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් කටයුතු කළ යුතු විය.

වී කොටා සහල් කර අලෙවි කිරීම සිදුකළ යුතුවූයේත් මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් චක්‍රලේඛ  උපදෙස්වලට අනුවය. සහල් වෙළෙඳ ආයතන වෙත නිකුත් කරනු ලැබුවේත් දිස්ත්‍රික් ලේකම්වරුන් විසිනි. සහල් අලෙවියෙන් ලද ආදායමෙන් වී මෝල් හිමියන්ගේ කෙටුම් කුලී, ප්‍රවාහන ගාස්තු,  ඇතුලු පිරිවැය ගෙවා ඉතිරි මුදල දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් මහා භාණ්ඩාගාරයට බැර කළ යුතු විය.

ව්‍යාපෘතියේ මුදල් ගනුදෙනු  ඍජුවම දිස්ත්‍රික් ලේකම්වරුන්ට –

රටේ පැවති වසංගත තත්ත්වය මත 2020/21 මහ කන්නය සහ 2021 යල කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ඍජුවම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදල් ප්‍රතිපාදන ලබා දී තිබිණි. මිලදී  ගැනීම් ක්‍රියාවලිය නිසි ලෙස පවත්වාගෙන යෑම, සහල් තොග වෙළෙඳපලට නිකුත් කිරීම, මෝල් හිමියන්ගේ පිරිවැය ලබා දී  රාජ්‍ය  මුදල් භාණ්ඩාගාරයට යොමු කිරීම ඇතුළු සමස්ථ මූල්‍ය කළමනාකරණ වගකීම පැවරුනේ ද දිස්ත්‍රික්ලේකම්වරුන් වෙතය.

දිස්ත්‍රික්ක 12ක සුළු හා මධ්‍යපරිමාණ වී මෝල් හිමියෝ 200ක් පමණ ඊට සහභාගී වූහ. දිස්ත්‍රික් 08ක දිස්ත්‍රික් ලේකම්වරු මෙම මිල දි ගැනිමේ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කර රජයේ අරමුදල් නිශ්චිත ලෙස බැර කළහ.

දිස්ත්‍රික් ලේකම්වරු 04ක් සහල් තොග අතුරුදහන් කිරීම

එහෙත් පොලොන්නරුව අම්පාර, පුත්තලම,  හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක හතරෙහි දිසාපතිවරුන් මාර්ගයෙන් රාජ්‍ය  මුදලින් වී ලබා ගත්  මෝල් හිමියන් 97 දෙනෙක් එම වී තොගවලින් සැකසූ සහල් මෙට්‍රික් ටොන් 5684ක්, එනම් සහල් කිලෝ පනස් හය ලක්ෂ අසූ හතර දාහක්,  අතුරුදහන් කර තිබිණි.

වැඩිම සහල් තොග අතුරුදහන් කර තිබුණේ පොලොන්නරුව දිසාපතිවරයා යටතේය. එය සහල් කිලෝ හතලිස් ලක්ෂ හැටපන් දහසකි. පුත්තලම දිසාපතිවරයා යටතේ සහල් කිලෝ දාහතර ලක්ෂ විසිනව දහසක්,  ත්‍රීකුණාමලය දිසාපතිවරයා යටතේ සහල් කිලෝ එක් ලක්ෂ දහසක්, අම්පාර දිසාපතිවරයා යටතේ සහල් කිලෝ අසූ නව දහසක් අතුරුදහන් වී  තිබුණේය.

නිරීක්ෂණය කරන විට වී තොග හෝ සහල් මෝල් හිමියන් ලඟ නැත. මේ සම්බන්ධව දැඩි සමාජ කථිකාවක් මාධ්‍ය හරහා ගොඩනැගෙමින් තිබිණි.

එකතු වි ගත්තු තීන්දුව – 

මේ අවස්ථාවේ දී මෙම දිස්ත්‍රික්ක හතරේ දිස්ත්‍රික් ලේකම්වරු 2022.12.02 දින මහා භාණ්ඩාගාරයේ දී  සාකච්ඡාවක් පවත්වා තිිබිණි. ඒ මෙම සහල් තොගවලින් සිදුවූ පාඩුව රජය විසින් පියවා ගනු ලබන ආකාරය සාකච්ඡා කර තීරණයක් ගැනීමටය.

කියැවුනේ රටේ පැවති වසංගත වැනි තත්ත්ව නිසා රජයේ මුදල් වැය කර මිලදී  ගත් වී තොග සහල් කර සපයා ගැනීමට මෝල් හිමියන්ට නොහැකි වූ බවය. දැන් සහල් තොග නොමැති බැවින් එම සහල් තොග සඳහා ගෙවිම් කිරීමට සහල් අතුරුදහන් කළ වී  මෝල් හිමියන් 97 දෙනා කැමැත්ත ප්‍රකාශ කළබවය. ඒ සඳහා ඔවුන්ට සහන කාලයක් ලබා දීමට ද එහිදී යෝජනා විය. අපේක්ෂාව රජයට මේ වැඩසටහනින් පාඩු නොවන සේ වැය කළ රාජ්‍ය  මුදල යළි පුනරාවර්ථනය කර ගැනීමය.

ඒ සඳහා එක් එක් කන්නයේ මහා භාණ්ඩාගාරයෙන් වී තොග බැහැර කිරීමට අදාලව චක්‍රලේඛවල සඳහන් සහල් සැපයුම් මිල පදනම් කරගෙන සහල්වල වටිනාකම අය කරගැනීමට තීරණ විය.

එම මුදල් 2023 ජූනි 30ට පෙර අය කරගැනීම සඳහා සහන කාලයක් දිමට යෝජනා විය. නියමිත කාලයට හිඟ මුදල් නොගෙවන්නේ නම් ඔවුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත්, එවැනි වී මෝල් හිමියන් ඉදිරි වැඩසටහන් සඳහා සහභාගී  නොකරවා ගැනීමටත් යෝජනා විය. දැන් මේ නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

නීත්‍යානුකූල කළ හොරකම ගැන හෙළිදරව්ව

මේ සහල් තොග අතුරුදහන් වීම සම්බන්ධව මුලින්ම රටට හෙළි කරන්නේ එක්සත් සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරාය.

ඔහු පුරවැසියෙක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධව දැඩි ප්‍රශ්න කිරීමක් කරන්නේය. කන්න නැතිව හාමත් වුන රටක රාජ්‍ය  සහල් සංචිත කළමනා කරණය කරගැනීම සඳහා රාජ්‍ය මුදල් භාවිතයෙන් සිදුකළ ව්‍යාපෘතියකදී  එම මුදල් අවභාවිතා කරමින් රුපියල් කෝටි 54කට වඩා අයුතු ලෙස උපයා ගත් නිලධාරී හොරුන් සහ ඔවුන් වෙනුවෙන් හොරකමේ ගිය හාල් මෝල් හිමියන්ගේ ජඩ කොල්ලයකට රටේ මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුමැතිය ලබා දීම නොව, කළ යුත්ත‍ෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පවත්වා මුන් හැත්ත බුරුත්තටම දඬුවම් කිරීම බව ඔහු පෙන්වා දෙන්නේය.

මුදිත් පෙරේරා කියන්නේ මෙවැනි කතාවකි.

mudith perera
මුදිත් පෙරේරා…

”   මේ නිලධාරී කොල්ල කල්ලිය වී මිලදී අරන්  වෙළෙඳපලට නිකුත් නොකර 2022 අප්‍රේල් මාසෙ වෙනකම් හංගලා තියා ගත්තා. ඊට පස්සෙ ඒ වී හාල් කරලා කිලෝවක් රුපියල් 200 සිට 250 දක්වා මිලකට අලෙවි කළා.
ඔබ දන්නවද මේ තියෙන්නෙ දල වශයෙන් සහල් මෙට්‍රික් ටොන්   5700ක්. සහල් කිලෝ ලක්ෂ පනස් හතක්. එක කිලෝ එකක් රුපියල් දෙසීයට වඩා විකුණපු සහල් කිලෝ ලක්ෂ පනස් හතක් මේ තියෙන්නෙ.”

“දැන් රජයට සිදුවු අලාභය පියවා ගන්න කියලා කැබිනට් අනුමැතිය ගන්න හදනවා 2019-2020 වෙළෙඳපල පැවති සහල් කිලොවක මිල   සහල් කිලෝවක් සඳහා අය කරගන්න. ඒ කාලෙ සහල් කිලෝවක මිල රුපියල් 97ක්.
දැන් මේ හාල් තොගය නිසා වෙච්චි රාජ්‍ය පාඩුව කියලා ගණනය කරලා තියෙන්නෙ රුපියල් මිලියන 553යි. ඒ කියන්නෙ පනස් පන් කෝටි තිස් ලක්ෂයයි. එහෙම ගණනය කරන්නේ රුපියල් 97.29කට හාල් කිලෝවක් සඳහා අය කරගෙන.”
“ඒත් මේ හාල් විකිණුවෙ කිලෝ එක්ක රුපියල් 200කට වැඩි මිලකට. ඒ කියන්නෙ සහන කාලයකුත් අරන් රාජ්‍ය අලාභය කියලා ගණනය කළ පනස් තුන් කෝටි තිස් ලක්ෂය ආණ්ඩුවට ගෙව්වට පස්සේ දිසාපතිල 04යි, සහල් අතුරුදහන් කළ මෝල් කාරයො 97යි ලබන ශුද්ධ ලාභය රුපියල් පනස් පන් කෝටි තිස් ලක්ෂයකට වැඩියි.”

“මේ සල්ලි බඳින්න කියන්නෙ මේ දූෂණය සිද්ධ වෙලා අවුරුදු 02කට පස්සෙ. මාධ්‍ය  මගින් මේ හොරකම හෙළි කළාට පස්සේ. මේක හරියට මනම්පිටිය බැංකුව කැඩුවට පස්සේ පොලිසියට නොගිහින් මහබැංකුවෙන් හොරකමට අනුමැතිය අරන් හොරාගෙන් පොඩ්ඩ පොඩ්ඩ සල්ලි ගන්න හදනවා වගේ වැඩක්.”

“හොරකම හෙළි වුනාට පස්සෙ හොරුන්ට විරුද්ධව උසාවි නොගිහින් හොරකමට කැබිනට් අනුමැතිය ගන්න හදනවා. මේක තියන කලකිරවනසුළු ඇත්ත මොකක් ද දන්නව ද?. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම.”

“මේ ඛේදවාචකය අප කතා කළ යුතුයි. මේක කුරුම්බා ලොඳ කාලා දරුවො පාසල් එන රටක්. කන්න නැතිව හාමත් වෙලා වැටෙන දරුවො නිසා පාසල්වල උදේ රැස්වීම නවත්තපු රටක්. එහෙම රටේ අසරණ මිනිස්සුන්ට රාජ්‍ය මැදිහත් විමෙන් අඩු මිලට සහල් තොග නිකුත් කිරීමේ වැඩසටහන තමයි ඔය මිනිස්සු මේ ජාවාරමක් බවට පත් කරගත්තේ.”

“ඔබ හිතන්න එපා මේක සුලු පටු අපරාධයක් කියලා. රටේ දෛනිකව එක්වෙලක් සඳහා හාල් පරිභෝජනය කිලෝ ලක්ෂ විස්සයි. ඒ කියන්නෙ මේ වංචා කරලා අතුරුදහන් කළේ දල වශයෙන් රටේ සියලු  මිනිස්සු එක දවසක් තුන් වේල කන හාල් ප්‍රමාණය.”

“මුලු රටම දවසක් බඩගින්නේ තිබ්බ අශිෂ්ට හොරකමට   සුජාත භාවයක් දෙන්න තමයි මේ කැබිනට් පේපර් එක දාලා තියෙන්නෙ. රාජ්‍ය මුදල් අවභාවිතා කළාම සීඅයිඩි යන්නෙ නැතිව කැබිනට් එකට යන්නෙ ඇයි?. ගමේ ග්‍රාමසේවකගෙ ඉඳන් මුදල් අමාත්‍යාංශ  ලේකම් දක්වා නිලධාරී පිරිස මේ අපරාධය වෙනකොට හිටියෙ කොහෙද?.”

“අපි මේ වංචාව පිළිබඳව ගණන් හදනකොට මේ අතුරුදහන් වෙච්චි හාල් තොගයෙන් ඔවුන් උපයා ඇති වටිනාකම මිලියන 1300යි. මුදල් අමාත්‍යාංශයේ තක්සේරුව මිලියන 553යි. අවංකව රාජකාරිය කළ දිසාපතිවරුන්ට මෝල් හිමියන්ට මේ ආණ්ඩුව මොකක්ද දෙන ආදර්ශය. ඔවුන් මේ රටට දෙන ආදර්ශය මොකක් ද?”

මුදිත් පෙරේරා පවසන්නේ එසේය. මේ අපරාධය පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානය යොමුවන තෙක් සිය කථිකාව රැගෙන යන බව ඔවුහු පවසති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයින්ගේ උතුරේ ධීවර කොල්ලය සම්පූර්ණයෙන් වැළැක්වීමට විශේෂ ක්‍රියාන්විතයක්…

Next Post

අචාර්ය විමුක්තිගේ ජීවිතය බිලිගත් “එයා බෑග් මාරකය” ඔබේ වාහනය තුළත් සැඟවී තිබියි හැකියි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.