දිගින් දිගටම පිතිකරණයෙන් අසමත් වුණු භාණුක රාජපක්ෂ වෙනුවට අද තරගය සඳහා එල්පීඑල් තරගාවලියේ දී සිය පිතිකරණ රිද්මය තහවුරු කළ අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවනු ඇතැයි වාර්තා වේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වන සහ තීරණාත්මක අවසන් 20-20 තරගය රාජ්කෝට් හිදී අද (07) රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව ඇත.
මේ තරගයට පෙර අන්තර්ජාතික ක්‍රීඩා විචාරකයින් ද භාණුක රාජපක්ෂ ගේ සහ ධනංජය සිල්වාගේ පිතිකරණ රටාව ප්‍රශ්න කරමින් ඒ සඳහා ආදේශ යෝජනා කර තිබිණි.
කෙසේ වෙතත් පන්දු යැවීමේ අංශය ඇතුළු අනෙකුත් කාරණා සලකා බලා ධනංජය තව දුරටත් කණ්ඩායමේ තබා ගැනීමට තීරණය කර ඇති බව ද දැනගන්නට ඇත.
අද තරගය තරගාවලි ජයග්‍රහණයක් දෙපාර්ශවය වෙත විවෘත කරමිනි. කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර තිබේ.
ඉන්දියාවේ පැවති කිසිම විසයි 20 තරගාවලියක දී තරගාවලි ජයග්‍රහණයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බැවින් මේ අවස්ථාව ඒ සඳහා විවෘත වී ඇත.
ඉන්දියාව සමග අද පැවැත්වෙන තුන්වන විස්සයි 20 තරගයට සහභාගී වීමෙන් පසු දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර 20-20 තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වන්නෙ ලසිත් මාලිංග මෙතෙක් තබා තිබූ වාර්තාව බිඳ දමමිනි.
අද දසුන් සහභාගී වන්නේ සිය 84 වැනි අන්තර්ජාතික විස්සයි 20 තරගයටය.







