බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සතුන්ගේ ගානට කතුන් දමන තලේබාන් යක්කු !

by Lanka Sara Editor
දෙසැම්බර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානය කියූ සැනින් අපේ හිතට නැගෙන්නේ යහපත් චිත්‍රයක් නොවේ. බොහෝවිට එම චිත්‍රය තුළ දුප්පත් කම, අවාසනාවන්ත බව ගැබ්ව තිබෙන බව නම් නොරහසකි. ඒ අනුව වරෙක ආසියාවේ සුන්දරම මිනිසුන්ගෙන් පිරුණු රාජ්‍යකව පැවති ඇෆ්ගනිස්තානය මේවන විට ලොව  ජීවත් වීමට නුසුදුසුම රටවල් අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත. මෙම සුන්දර රට අද පවතින තත්ත්වයට හේතු කීපයක්ම පැවති අතර ඊට බටහිර බලවේගද හේතුවූ බව නොරහසකි.

මීට දශක කීපයකට පෙර බටහිර ආරයට සිය සිතැගි පරිදි ජීවත් වූ ඇෆ්ගන් කාන්තාවන් කෙදිනකවත්  අද ඔවුන්ට  ගෙවීමට සිදුව ඇති ජීවිතය ගැන මොහොතකටවත් නොසිතන්න ඇත. මන්ද ඔවුන්ට එදා තමන් කැමති හීනයක් කරා යෑමට  කිසිදු බාධාවක් නොතිබුණු බැවිනි.

විශේෂයෙන්ම හැත්තෑව දශකයට පෙර ඇෆ්ගනිස්ථානය තුළ කාන්තාවන්ට නිදහසේ කටයුතු කිරීමට හැකියාව ලැබුණු අතර පසුව  ඇති වූ ඇෆ්ගන් විප්ලවයත් සමග සාධනීය කාරණා කිහිපක්ම සිදුවිය එහිදී සෝවියට් රාජ්‍යයේ බලපෑමද එල්ල වූ අතර එයද ඇෆ්ගන් සමාජය වෙනස්කම්වලට බලපෑ බව නොරහසකි.

කෙසේ වෙතත් අනූව දශකයට ආරම්භයත් සමගම ඇෆ්ගනිස්ථානයේ අනාගතය නොසිතූ ලෙස වෙනස් වීමට ලක්විය. ඊට හේතුව වූයේ එතෙක් පැවති කොමියුනිස්ට්  පාලනය බිඳ වැටීමත් සමගයි.  මෙහිදී ඇෆ්ගන් පාලනය ලබා ගත් ඉස්ලාම් කැරලිකාර කණ්ඩායම් විසින් ඇෆ්ගන් පාලනය එතෙක් පැමිණි ගමන් මඟ වෙනස් කිරීමට පියවර ගනු ලැබීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම කණ්ඩායම් විසින් ප්‍රථමයෙන්ම සිදු කළ කාරණය වූයේ එතෙක් පැවති ඇෆ්ගනිස්ථාන මුහුණවර සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමයි. ඒ අනුව එම කැරලිකාර කණ්ඩායම් විසින් ඇෆගනිස්ථානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට නම් කරනු ලැබීය.

මෙලෙස ඇෆ්ගනිස්තානය ඉස්ලාම් රාජ්‍යක් බවට නම් කිරීමත් සමඟම එතෙක් පැවති කොමියුනිස්ට් ගති ලක්ෂණ ඇෆ්ගනිස්ථානයෙන් පහව ගිය අතර නවතම ඇෆ්ගනිස්තානයක් එක් රැයෙන් බිහි විය.  කෙසේ වෙතත් මෙම කැරලි කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයේ අනාගතය වෙනස් කිරීමට සමත් වූ තීරණ ගැනීමේදී ඊට එක්සත් ජනපදයේ ආශිර්වාදය ලැබුණු බව නොරසකි. එහිදී එවකට පැවති කොමියුනිස්ට් පාලනය බිඳ වැට්ටවීමට සී.අයි.ඒ සංවිධානය ඉස්ලාමීය කැරලි කරුවන්ට සහය සහ අවි ලබා දුන් බව සියලුදෙනා දන්නා රහසකි.

ඒ අනුව ඉස්ලාමීය රාජ්‍යයක් වූ ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රමයේ දැඩි නීති පැනවුණු අතර එම තත්ත්වය 2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වැනිදා එක්සත් ජනපදයේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කරන තෙක් කිසිවකුගේ අවධානයට යොමු වූ තත්ත්වයක්ව පැවතිණි.

එහෙත් මෙම ප්‍රහාරයෙන් පසුව එකවර ඇමරිකානු ජනාධිතිව සිටි ජෝජ් ඩබ්ලිව් බුෂි විසින් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වූ අල්කයිඩා සංවිධානය සහ ඇමරිකාව කිරි පොවා වර්ධනය කළ ඔසාමා බින් ලාඩන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක විය. එම මෙහෙයුම් ක්‍රියාත්මක වීමත් සමග ඇෆ්ගනිස්තානය තුළ ඇමරිකානු හිතවාදී පාලනයක් ඇති කිරීමට හැකියාව ලැබිණි.

 

ඒ අනුව යළිත් බටහිර මතවා වලට යම් ආකාරයකට එකඟවන පරිසරයක් ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක විය. එ අනුව එතෙක් පැවති දැඩි නීති ක්‍රමයෙන් ලිහිල් වූ අතර කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට සහ රැකියාවන් කිරීමට වැඩි අවස්ථාවක් හිමිවිය.

 

මෙලෙස විවිධ හැල හැප්පිලි මත ක්‍රියාත්මක වූ ඇෆ්ගන් යුද්ධය කිසිදා අවසන් නොවන යුද්ධයක් බවට පත්ව තිබූ අතර එය ඇමරිකානු රජයට දරාගත නොහැකි වියදමක් බවට පත්විය. එහෙත් අවසානයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉකුත් වසරේදී ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු හමුදාවන් ඉවත් කරගැනීමට තීරණය කරනු ලැබීය.

 

ඇමරිකානු හමුදාවන් ඉවත්වීමත් සමගම ක්‍රියාත්මක වූ තලේබාන් සංවිධානය ඉතා පහසුවෙන් ඇෆ්ගනිස්ථානයේ බලය ලබාගන්නා අතර ඉතා ඉක්මනින්ම තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවීමටද පියවර ගත්තේය. . බලය ලබා ගැනීමත් සමඟම 2001ට පෙර පැවති දැඩි ඉස්ලාම් මතධාරී පාලනයෙන් බැහරව වඩා විවෘත පාලනයක් ගෙනයන බවට තලේබාන් සංවිධානය පොරොන්දු විය.

කෙසේ වෙතත් පාලන බලය ගෙන සති කීපයක් ගතවන විටම දැඩි ශරියා නීති ක්‍රියාත්මක කිරීමට තලේබාන් පාලනය පියවර ගනු ලබනවා. එහිදී  ඔවුන් ප්‍රථමයෙන්ම ඇදුම් අලෙවි සැල්වල පැවති කාන්තා ඇදුම් ප්‍රදර්ශනය කිරීමට පැවති කාන්තා අනුරූ තහනම් කිරීම සිදුවිය.

පසුව පිරිමින්ට රැවුල බෑමට පවා තහනම් කරනු ලැබීය. එහෙත් පෙරමෙන් කාන්තාවන්ට දැඩි සීමා පැනවීමට පියවර ගැනීමක් සිදුනොකරන බවට යලිත් තලේබාන් සංවිධානය ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රකාශ කිරීම යම් බලාපොරෝත්තුවක් ගෙන ඒමට සමත්විය.

ලබා දුන් පොරොන්දු කෙසේ වුවත් තලේබාන් පාලනය විසින් ප්‍රථමයෙන්ම පාසල් වල පන්තිකාමර සියල්ල දෙකට වෙන් කිරීමට පියවර ගනු ලැබීය. එහිදී එතෙක් පැවති ක්‍රමය වෙනස් කරමින් පාසල් තුල ගැහුණු ළමයින් සහ පිරිමි ළමයින් වෙන් කරමින් තිර ඇදීම සිදුවන්නේ පදනම් විරහිතවය.

 

පසුව තලේබාන් සංවිධානය විසින් ගැහුණු ළමයින්ට පාසල් වසා දැමිමට පියවර ගනු ලබන අතර එහිදී ඔවුන් ඊට හේතු ලෙස පෙන්වා දෙනු ලබන්නේ ගැහැණු ළමයින්ට ශරියා නීතියට අනුව අධ්‍යාපන කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමට සැලසුමක් සකස් කරන තෙක් එම තහනම පනවන බවට පවසමිනුයි.

 

මෙම තීරණයත් සමඟම විශාල විරෝධයක් ඇෆ්ගනිස්ථානය තුල මෙන්ම ජාත්‍යන්තරය තුල මතුවන අතර ඊට පිළිතුරු දීමට තලේබාන් සංවිධානය අසමත්විය. කෙසේ වෙතත් තාවකාලිව පාසල් ගැහැණු ළමුන්ට දැඩි කොන්දේසි මත විවෘත කළත් එහිදී දැඩි පීඩනයක් ගැහැණු ළමුන්ට විදීමට සිදුවිය.

 

ඊට හේතුව වන්නේ මෙතෙක් පැවති නිල ඇදුම් වෙනුවට හිස් වැසෙන පිරිදි ගැහැණු ළමුන් පාසල් පැමිණීම අනිර්වාර්ය කිරීමයි. එමෙන්ම කාන්තාවන්ට තම නිවසේ පිරිමයෙකු නොමැතිව පොදු ස්ථාන වලට යෑමද තහනම් වන අතර ශරියා නීතිය බව පවසමින් කාන්තාවන්ට හිස් ආවරණය කිරීමට අනිවාර්ය කරනු ලැබීමද දැඩි ආන්දෝලනයකට හේතුවිය.

 

එමෙන්ම කාන්තාවන්ට ක්‍රමයෙන් වැට බැදීමට තලේබාන්වරුන් පියවර ගත් අතර මේ පිළිබද වැඩිම අවදානයක් දිනා ගැනීමට සමත්වූයේ මෑතකදී තලේබාන් සංවිධානය විසින් එරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය කාන්තාවන්ට තහනම් කිරීමත් සමඟයි.

 

මෙම තීරණය එක් රැයකින් ගන්නා ලද්දක් වන අතර එම තීරණය පසුදා උදෑසන ක්‍රියත්මක විය. ඒ අනුව මේ පිළිබඳ කිසිවක් නොදත් ශීෂ්‍යාවන් විශ්ව විද්‍යාල වෙත පැමිණීමත් සමඟම විශ්ව විද්‍යාල ඔවුන්ට තහනම් කලාපයක් බවට තලෝබාන් පොලිසිය විසින් දැනුම් දෙනු ලැබීය.

 

මේත් සමඟ ඇෆ්ගනිස්ථාන කානාත්වන් සහ සිසුවියන් ඒ පිළිබඳ විමසා සිටියද ඊට නිසි පිළිතුරක් ලබාදීමට තලේබාන් සංවිධානය අසමත්විය. ඒ වෙනුවට ඔවුන් සිය සුපුරුද පිලිතුරු වූ ප්‍රචන්ඩත්වය යොදාගත් අතර විරෝධය පළකළ කාන්තාවන් අත් අඩංගුවට ගැනීමටද ඔවුන් පියවර ගනු ලැබීය.

 

ඒ අනුව මේවන විට ඇෆ්ගනිස්ථානය තුල ගැහැණු ළමුන් සඳහා පාසල් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවන්නේ හය වන ශ්‍රේණය දක්වා පමණක් වන අතර එය කිසිම අයුරිකින් අනුමත කළ නොහැකි තත්ත්වයක් බවට ජාත්‍යන්තර ප්‍රජාව සෘජුවම ප්‍රකාශ කර තිබේ.

 

මෙම සිදුවීම පහව යෑමටත් පෙර තලේබාන් සංවිධානය විසින් තවත් තීරණයක් ගනු ලබන අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ එරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන වල කාන්තාවන්ට සේවය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලබන බවයි. එසේම මෙම තීරණයට අනුව කටයුතු නොකර කාන්තාවන් සේවයයේ යොදවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බවද තලේබාන් සංවිධානය ප්‍රකාශ කරනු ලැබීය.

 

තම තීරණය හේතුව ලෙස තලේබාන් සංවිධානය පෙන්වා දෙනු ලැබුවේ අදාල රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරනු ලබන කාන්තාවන් සිය හිස ආවරණය වන අයුරින් ඇදුම් පැලදීමක් සිදු නොකිරීමයි. කෙසේවෙතත් තලේබාන් සංවිධානයේ මෙම තීරණය ප්‍රකාශ කිරීමත් සමඟම අදාල රාජ්‍ය නොවන සංවිධාන තමන් මෙහෙයුම් නවතා දැමූ අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ කාන්තා සමාජිකාවන් නොමැති බව සිය කටයුතු කරගන යාමට නොහැකි බවය.

ලෝකය් බොහෝ රටවල් මේ දුෂ්ඨ ක්‍රියාදාමය හෙලා දකිමින් ක්‍රියා කළද තලේබාන් පාලනය බයක් සැකක් නැතිව සිය සුපුරුදු අන්තවාදය බියක් දසැකක් නැතිව වපුරන්නේ ඔවුන්ට පොක්යේ එක් අන්තයකින් කොන් වෙද්දි චීනය වැනි රටවල් අඛණ්ඩව ආධාර සැපයුම් ලබා දෙමින් වක්‍ර ආශිර්වාදයක් ලබා දෙන නිසාය.

 

ඒ අනුව ජාත්‍යන්තර ප්‍රජාව දිගින් දිගටම කාන්තාවන්ගේ අයිතීන් උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටියද ඔවුන් එය බීරි අලින්ට වීනා වැයීමකට සමාන ක්‍රියාවකි. එබැවින් ඇෆ්ගන් කාන්තාවන් යනු ලොව වැඩිම පීඩනයකින් ජීවත් වන පිරිස බවට පත්ව ඇති බව නම් නොරහසකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන ජාතිකයින් නේපාලයේ සිදුකළ මිනිස් ජාවාරම

Next Post

ගාල්ලෙ බැංකු කැඩුවේ සුද්දො 02 ක්… කෝටියකට වැඩි මුදල් කොල්ල කා ඇත්තේ  පැය තුනක් ඇතුළෙ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.