නන්නාඳුනන පුද්ගලයෙක් විසින් වස පොවා මරණයට පත් කිරීමට උත්සාහ කළ බව කියා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි හිඳගල රජමහා විහාරයේ වැඩ වාසය 17 හැවිරිදි හිමිනමට වස තබා පැරසිටමෝල් පෙත්තක්වත් පෙවී නැති බවත් එම හිමිනම මානසික ආතතියකින් හෝ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටින බවත් වෛද්‍ය වාර්තා සනාථ කර ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක පැවසුවේය.
වෛද්‍ය වාර්තා අනුව වසක් විෂක් ශරීරගත වී ඇති ආකාරයට කිසිම ලක්ෂණයක් නොමැති බව ද තහවුරු වී තිබේ.
හිමි නමට වස පොවා පැසිටමෝල් පෙති දෙක්ක ද පෙවූ බව කියන මේ සිද්ධියට සම්බන්ධව පේරාදෙණිය පොලීසිය විවිධ පැති ඔස්සේ පරීක්ෂණ කළත් හිමිනම ප්‍රකාශ කළ කිසිම සිදුවීමක සත්‍යතාවය සොයා ගැනීමට නොහැකි වී සිටියේය.
වස පෙවීමෙන් අසාධ්‍යය තත්ත්වයට පත්ව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට සාමාන්‍ය ප්‍රතිකාර වාට්ටුවකට ඇතුළත් කළේ අත්තරගම ධම්මරතන නම් හිමි නමකි.
මේ සිද්ධිය සමග බරපතලම අපහසුතාවයට පත් වී තිබුනේ හිඳගල රජමහා විහාරාධිකාරී ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියන්ය.
කෙසේ වෙතත් මේ අතාර්කික සිද්ධි සමග තරුණ හිමිනම රංගනයක යෙදෙන බවට සැකයක් විමර්ශන අංශ වෙත මතු වී තිබිණි.
මේ ලිපියත් බලන්න…
හිඳගල විහාරයේ වස පෙවීමේ සිද්ධිය වස පෙවුණු බව කියන භික්ෂුවගේම රංගනයක් ද?







