බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිසුන් ගැටුම ඇති කරගත්තේ උපකුලපතිගේ පුතා එක්ක නෙමෙයි… අපරික්ෂාකාරීව රිය පැදවූ උඩඟු බේබද්දෙක් එක්ක… මහා ශිෂ්‍ය සංගමය

by editor
දෙසැම්බර් 13, 2022
in පුවත්
Peradeniya
Share on FacebookShare on Twitter
  • ගැටුම සම්බන්ධව මහා ශිෂ්‍ය සංගමය ලෙස දැඩිව කණගාටු වෙනවා… එවැනි සිදුවීම් කිසිවක් පිළිගන්න බෑ…

  • ඒත් මේ ගැටුම ඇති වුන බේබද්දා උපකුලපතිගේ පුතා වග දැනගන්නකොට ආරවුල දුර දිග ගිහින්…

  • පොලිසියෙන් ඇවිත් මේ පුද්ගලයව අරන් ගියෙ මාංචු දාල ජිප් එකේ පටවගෙන… පස්සෙ රෝහලට ඇතුළත් කරලා පැය දෙකකින් ගෙදර ආවා…

පසුගිය 10 වැනිදා පේරාදෙණිය සරසවිය තුළ සිදුවූ සිද්ධිය සම්බන්ධව   දැඩි සේ කණගාටුවනවා සේම එවැනි සිදුවීම් කිසිසේත් පිළිනොගන්නා  බව මහා ශිෂ්‍ය සංගමය අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

එහෙත්  ශිෂ්‍ය පිරිසක් අදාල දිනයේ දි  ගැටුමක් ඇති කරගෙන තිබුණේ උපකුලපතිවරයෙක් හෝ ඔහුගේ පුතෙක් සමග නොව, අතිශයින් බීමත්ව, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් රටේ මූලික නීතියත් බිඳදැමූ උද්දච්ඡ පුද්ගලයෙක් සමග  බව මහා ශිෂ්‍ය සංගමය නිවේදනය කළේය.

මේ බීමත් පුද්ගලයා උපකුලපතිවරයාගේ පුතා බව දැනගන්නා විට ගැටුම බොහෝ දුරට ඇවිලී ගොස් තිබුණු බවත්, සරසවි විනය පාලකවරු, නියෝජ්‍ය උපකුලපති ඇතුළු සරසවියේ වගකිවයුතු සියලුම පාර්ශව  සේම මහා ශිෂ්‍ය සංගමය ද ගැටුම සමතයකට පත් කිරීමට මැදිහත් වුන බවත්  අද මාධ්‍ය හමුවක් කැඳවා පැවසූ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් තත්සර පෙන්වා දුන්නේ මේ වනවිට එම ගැටුම මාධ්‍ය   ඔස්සේ ඉතා ද්වේශ සහගතව සහ ඒකපාර්ශවිකව වාර්තා කරමින් ඇති බවය.

පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් තත්සර  මාධ්‍ය අමතා මෙසේ පැවසුවේය.

“පහුගිය 10 දා රාත්‍රියේ ඇති වූ තත්ත්වය පිළිබඳ මහා ශිෂ්‍ය සංගමය ලෙස අප බෙහෙවින්ම කණගාටු වෙනවා. මෙවැනි සිදුවීම්  අපට පිළිගන්න බෑ. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“සිද්ධියට පාදක වෙන්නෙ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය අසල ඇති වුන තත්ත්වයක්.  බීමත් පුද්ගලයෙක් වාහනයක් පදවාගෙන පැමිණෙනවා. මාර්ගය අසල නවතා ඇති යතුරු පැදි දෙකකට ඔහු පහර දී පෙරළා දමා පලා යන්න උත්සාහ කරනවා.“

“මේක දැකලා සිසුන් ලුහුබැද ගිහින් ඔහුව නවතා ගන්නවා. අහනවා ඔබ කවුද කියලා. “

“ මේ බීමත් පුද්ගලයා ප්‍රකාශ කරන්නේ මේක අපේ තාත්තගෙ කැම්පස් එක. අපිට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා. එවැනි ප්‍රකාශයක් කරන්න තරම් ඔහු අසිහියෙන් ඉන්නෙ. “

“ඉන් පසුව ඇතිවන බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග යනවා. සිසුන් ඉල්ලා සිටින්නෙ යතුරුපැදි දෙකට සිද්ධ වෙච්චි  අලාභය.  ඔහු ලබා  දෙන්නෙ අපි බලා ගනිමු. උඹලගෙ මූණවල් ඔක්කොම මතකයි වගේ පිළිතුරු. මේ තැනැත්තා හිටපු උපකුලපතිගේ පුතා වග දැනගන්නෙ ගැටුම දුරදිග ගියාට පස්සේ. “ .

“ ගැටුම් ඇතිවන විදිහට හැසිරුනේ. ඒ වෙලාවෙදි සරසවි වානය පාලක,  උප කුලපති සම්බන්ධ වෙනවා. පොලිසිය සම්බන්ධ වෙනවා. මහා ශිෂ්‍ය සංගමය විදිහට අපිත්  මැදිහත් වෙනවා.  ගැටලුව නිරාකරණය කරගන්න හැකි වෙනවා.“

“ ඒ වෙලාවේ මේ බීමත් පුද්ගලයාව  පොලිසියෙන් ඇවිත්   මාංචු දලා ජිප් එකේ පටවාගෙන අරන් යනවා. ඔහු ජීප් එකට නගින්නෙ වැරැද්ද පිළි අරන් අලාභයත් ගෙවන්න පොරොන්දු වෙලා.“

“පොලිසියෙන් ඔහුව රෝහලට යවනවා. පැය කීපයකින්  නැවත නිවස කරා එනවා. ඔහු නිවසට ඇවිත් තමයි මාධ්‍යයට කතා කරන්නෙ.“

සිද්ධිය සම්බන්ධව   සරසවි ශිෂ්‍යයො විදිහට පැමිණිලි දෙකක් කරනවා. පැමිණිල්ල දාන්න ගිය සිසුන්ගේ  ඇල්කොහෝල ටෙස්ට් කළා. ඒත් මේ ගැටුම ඇති කරගත්තු රටේ මූලික නීතිය කඩ කරමින් අපරික්ෂාකාරීව  බීමතින් රිය පැදවූ  උපකුලපති පුතාගෙ ඇල්කොහොල් ටෙස්ට් කරන්නෙ නෑ. “

“නැවත අපි සියලුම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධව අපක්ෂපාතී වාර්තාකරණයක් කරන්න. අපෙන් පළි ගන්න එපා.  ඒ ගැටුම ගැන අපි යළිත්   මහා ශිෂ්‍ය සංගමය විදිහට අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. වහාම මේ ගැන නැවැරදි  පරීක්ෂණයක් කරන්න. අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයක් කඩිනමින් කරන්න. වැරදි කළ සියලුම පාර්ශවයන්ට දඬුවම් කරන්න. “

“අප එහෙම කියන්නෙ මේ පරීක්ෂණය කෙරෙන විදිහ සාධාරණ නැති නිසා.  මේ වනවිට ශිෂ්‍ය භාවය ආහෝසිකර අත්අඩංගුවට පත්වුණු සහෝදරයෙක් ඉන්නවා මේ ගැටුම ඇති වුන වෙලාවෙ පලාතකවත් හිටපු නැති. පළි ගැනීමේ අභිලාෂයෙන් මෙවැනි දේ කරන්න එපා කියලා අපි වගකිවයුතු පාර්ශවලින් ඉල්ලා සිටිනවා. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද දුක් විඳින්නේ ජනතාව වෙනුවෙන් ද්විත්ව පුරවැසි භාවය කැප කළ නිසා! – බැසිල්

Next Post

ගෝඨාභයගේ බ්‍රිතාන්‍ය නියොජිතයා ලෝකයට බොරු කීවාට අධිකරණයෙන් දඬුවමක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.