ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ඕනෑම නීතියකින් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස නියම කර ඇති නිලධාරීන් හැර වයස අවුරුදු හැට සම්පූර්ණ වූ පසු සෑම සිවිල් නිලධාරියෙක්ම ලබන ජනවාරි 01 වැනිදා සිට අනිවාර්යයෙන් විශ්‍රාම යා යුතු බවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කර ප්‍රකාශ කර ඇත.
එහි මෙසේ දැක්වේ.
“ඕනෑම රජයේ සේවකයෙකුට වයස අවුරුදු පනස් පහ සම්පූර්ණ වූ විට හෝ ඊට පසු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට යොමු කළ හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ඕනෑම නීතියකින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නියම කර ඇති නිලධාරීන් හැර, නිසි බලධාරියෙකු විසින් වෙනත් ආකාරයකින් තීරණය නොකළහොත් හැර, සියලුම සිවිල් නිලධාරීන් වයස අවුරුදු හැට සම්පූර්ණ වූ පසු අනිවාර්යයෙන් විශ්‍රාම යා යුතුය.
මෙම නියෝගය 2023 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.







