ලලිත් චාමින්ද
හදවත් සැත්කමක් කර ගැනීම සඳහා මුදල් නැති පවුලක් ස්පීකරයක් බැඳ ගෙන පාරේ සල්ලි සොයන ආකාරයෙන් වත්මන් ආණ්ඩුවට කොවිඩ් එන්නත විදීම සඳහා මුදල් සෙවීමට සිදු ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගාල්ලේ දී පැවසීය
ඔහු මේ අදහස් පළ කළේ ඉකුත් දා ගාල්ල උනවටුන ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
“ අපි හිතෙනවා කොරොනා වසංගතය නතර කර හැකි වන්නේ එන්නතකින් පමණයි. එහෙම නැතුව කාලි අම්මලාගේ පැණි බෙදෙමින් නෙමෙයි
සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ගම්වල කාට හරි හදවතක් සැත්කමකට භාජනය කර ගන්න ඕන උනාම සල්ලි නැතිනම් ස්පීකරයක් බැඳගෙන හදවතේ සැත්කමක් කර ගන්න තියෙනවා ආධාරයක් දෙන්න කියලා පොළවල් ගානේ ඇවිදිනවා
අද අපේ රටට සිදු වෙලා තියෙන්නෙත් ඒකයි රටේ කොවිඩ් වසංගතය පැතිරිලා තිබෙනවා අපිට ගේන්න සල්ලි නෑ. ඉන්දියාවෙන් කීයක් හරි ආධාරයක් ඉල්ලනවා චීනෙන් තවත් ආධාරයක් ඉල්ලනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාරයක් ඉල්ලනවා. රුසියාවෙන් ආධාරයක් ඉල්ලනවා
හදවත් සැත්කමක් කර ගැනීම සඳහා මුදල් නැති රෝගියකුගේ පවුලක් පාරේ ස්පීකර් බැඳගෙන සල්ලි හොයනවා වගේ තමයි මේ ආණ්ඩුවට කෝවිඩ් එන්නත බෙදීම සඳහා සල්ලි හොයන්න වෙලා තියෙන්නේ
මන්ත්‍රිවරයා පැවසීය.