ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ වරාය සේවක සේවිකාවන්ට කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ කොරෝනා සුව කරන බව කියැවෙන පැණිය ලබා දීමට එහි පොදු ජන පෙරමුණට වෘත්තීය සමිති කටයුතු කර ඇති බව වරාය ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව වරාය අදිකාරියේ කලමනාකාර අධිකාරියේ කළමනාකාරිත්වයේද අවසරය පරිදි අවශ්‍ය පුද්ගලයන්ට ඖෂධයෙන් මිලිලීටර් 185ක කාලේ බෝතලය බැගින් ලබාදීමට කටයුතු කර ඇති අතර මේ වන විට වරාය සේවකයන් 2000කට ආසන්න ප්‍රමාණයකට එම පැණිය ලබාගෙන ඇත.
මෙම පැණිය අවශ්‍ය අයකු එය ලබාගන්නා ලෙස දැනුම් දී තිබී ඇත.
වරාය අධිකාරියේ සහය බහලු පර්යන්තයේ කටයුතු කරන සම්පූර්ණ සේවකයින් ගණන 9000කට අධිකය.
ඔවුන් සියලු දෙනාටම පැණිය නොමිලේ ලබාදීමට සූදානම් බවට එම වෘත්තිය සමිති පවසා ඇත.
මේ වන විට එහි බොහෝ දෙනෙක් එම පැණිය ඉල්ලූම් කර ඇති බවද වාර්තා වෙයි.