මෙරට සංචාරයක නියුතු ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ වෙත චීන තානාපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම් ඔස්සේ උපහාසාත්මක ප්රකාශයක් කර තිබේ.
ඒ “සමාවෙන්න ඇමරිකානු රාජ්ය ලේකම් පොම්පියෝ මහතාණෙනි,
චීන- ශ්රී ලංකා මිත්රත්වය සහ ගනුදෙනු ප්රවර්ධනය කිරීමට අපි කාර්යබහුල වී සිටින බැවින් ඔබගේ Alien vs Predator සෙල්ලම සඳහා වන ඇරයුම පිළිගැනීමට කැමැත්තක් නැත. හැමදාමත් වගේම ඇමරිකාවට චරිත දෙකක් එකවර ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.” යනුවෙනි.
චීන-ශ්රී ලංකා සබඳතා සම්බන්ධයෙන් මෙරටට යම් බලපෑමක් කිරීමට අමෙරිකානු රාජ්ය ලේකම්වරයා මෙරට සංචාරයේදී පියවර ගනු ඇති බවට ඇමරිකානු රජයේ ජේෂ්ඨ නිලධාරීන් පසුගියදා පසුගියදා ප්රකාශයක් කර තිබුණි.
එබැවින් ඒ පිළිබඳව දිගින් දිගටම වරින් වර ප්රකාශ නිකුත්කළ චීන තානාපතිවරයා ඇමරිකාවේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබුණි.