දිනසේන රතුගමගේ –
යාපනයේ ඉලවාලී ප්රදේශයේ කතෝලික දේවස්ථාන සුසාන භූමියක මහවිරු දිනය සමරණ ලද පූජකවරයෙකු යාපනය හා ඉලවාලී පොලීසි එක්ව ඊයේ (27) රාත්රී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ යාපනය ඉලවාලී ශාන්ත මාටින් දේවස්ථානයේ බාස්කරන් ඇඩිගලර් නැමති පූජකවරයාය.
ඔහුගේ ඥාතීන් යුද්ධයේදී මියගිය බව ප්රකාශ කරමින් සුසාන භූමිය සරසා මහවිරු දිනය සමරමින් සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනය හා ඉලවාලී පොලීසි විසින් අත් අඩංගුවට ගන්නා ලද එම පූජකවරයාට එරෙහිව අධිකරණ නියෝග නොතැකීමේ හා කඩ කිරීමේ අංක 120 දරණ පනත යටතේ කටයුතු කරණ බව යාපනය පොලීසිය සදහන් කළේය.
යාපනය තුළ මහවිරු දිනය සැමරීම තහනම් බවට යාපනය අධිකරණයෙන් නිකුත් කරණ ලද වාරණ නියෝගයක් තිබියදී පූජකවරයා මෙම මහවිරු සැමරුම් උළෙල සංවිධානය කොට තිබේ.