කේ රණසිංහ
කොරෝනාන වෛරසය ව්‍යාප්ත වීමත් සමග ඇඳිරිනීතිය පැනවූ කාල සීමාව තුළ සුරාසල් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි විසිපන්දාහකට අධික පාඩුවක් සිදුව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව තක්සේරු කර ඇත.
මෑත කාලයේ සුරාසල් වසා තැබීම හේතුවෙන් මෙතරම් විශාල පාඩුවක් සිදුවූ පළමු අවස්ථාව මෙය බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද එම දිස්ත්‍රික්ක දෙකෙහි සුපිරි වෙළෙඳසල්වල පිහිටි සුරාසල් විවෘතව ඇති බැවින් දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත්කරන කාල සීමාව තුළ 18 වැනි දින සිට සුරාසල් විවෘතව තැබෙන බව ඒ මහතා පැවසීය. සුරාසල් වසා තැබීම නිසා දිනකට රුපියල් කෝටි 50 ක පමණ පාඩුවක් සිදුවන බව පවසන නියෝජ්‍ය කොමසාරිස්වරයා මෙලෙස රාජ්‍ය ආදායම අහිමි වීමේන් අර්බුද රැසක් නිර්මාණය විය හැකි බව පෙන්වා දෙයි.
මේ ආකාරයෙන් නීත්‍යානුකූළව පවත්වාගෙන යන සුරාසල් වසා තැබුව ද නීත්‍යානුකූළ නොවන මත්පැන් නිශ්පාදනය පසුගිය කාල සීමාව තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබුණු බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.