නිරෝධායන ඇඳරි නීතිය පනවා ඇති සියලුම ප්‍රදේශවල වෙළෙඳසල් හා ඖෂධ හල් හෙට (15) උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත කිරීමට පියවර ගෙන ඇති බව රජය නිවේදනය කරයි.
කොවඩ් 19 වැළැක්වීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරන්නේ මේ තීන්දුව ගෙන ඇත්තේ ජනතා පීඩාවට පත් නොවීම සඳහා බවය. සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් හැසිරෙන්නැයි රජය අවධාරණය කරයි.
මේ වනවිට නිරෝධායන පිළිවෙත ආරක්ෂා කිරීම සඳහා රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නිරෝධායන නීතිය පිළිනොපදින අය කෙරෙහි දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු යොදා තිබේ.