දියසේන රතුගමගේ –
දකුණෙන් උතුරට එන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගන්නා සංවිධානාත්මක කල්ලියක පුද්ගලයින් හතර දෙනෙකු යාපනය නාවක්කුලි ප්රදේශයේදී ඊයේ ( 22 ) සවස අත් අඩංගුවට ගෙන තිබිණි.
යාපනයේ නාවක්කුලි හා චෙම්මනි අතර ප්රදේශයේ රැදී සිට කප්පම් ලබා ගනිමින් සිටි කණ්ඩායමක හතර දෙනෙක් මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ. මෙම මැරයන් කප්පම් ඉල්ලා නුදුන් විට පුද්ගලයන්ට පහර දෙන බවත්, මොවුන් යාපනය පුරාම විසිරී සිටින බවත්, පොලිිසයට පැමිණිලි රාශියක් ලැබී තිබිණි.
ඒ අනුව කළ වැටලීමක දී මෙම කප්පම්කාර මැරයන් අත්අඩංගුවට ගන්නට හැක වී බව පොලිසිය කියයි. සැකකරුවන්ව යාපනය අධිකරණට වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.