දිනසේන රතුගමගේ –
යාපනය ශීක්ෂණ රෝහලේදී පලමු වතාවට සිදු කළ ලිංගික සංක්‍රාන්ති සැත්කම සාර්ථක වීමත් සමගම මෙතෙක් පිරිමියෙකු වශයෙන් සිටි පුද්ගලයෙකු කාන්තාවක් බවට පත් වූ බව යාපනය ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉලන්චෙලියන් පල්ලවන් පැවසීය.
මඩකලපුවේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු මේ අන්දමට ලිංගික සංක්‍රාන්ති සැත්කමට භාජනය කොට ඇති අතර ඒ සදහා පැය 12 ක කාලයක් ගත වී තිබේ.