රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත මහර බන්ධනාගාරයේ රැඳවියෙක් මියගොස් තිබේ.
82 හැවිරිදි එම පුද්ගලයාට ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇත.
ඔහු එහිදී මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී ඇත්තේ පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී ය.