ඊයේ දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 250 ඉක්මවා ගියේය. මේ වනවිට වාර්තාවන මුලු මරණ සංඛ්‍යාව 251කි.
දුම්මලසූරිය ප්‍රදේශයේ 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගල්ගමුව ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගාල්ල නැගෙනහිර ගිංතොට 57 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබිණි.
මේ අතර ඊයේ දින කොවිඩ් ආසාදිතයන් 670ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ අතරින් 07 බන්ධනාගාර රැඳවියන් විය. ඒ සමගම කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 47000 ඉක්මවා ගියේය. මුලු ආසාදිතයන් සංඛ්‍යාව 47127ක් වූයේය.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ…