රාගම නගරයේ පිහිටි බ්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල වසා දමා තිබේ. රෝහලේ ප්‍රධානියෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මේ තීන්දුව ගෙන ඇත.
මෙම නිලධාරියා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ විශේෂ දේශන සැසියකට සහභාගී වීමෙන් පසු මෙම රෝග ලක්ෂණ ප්‍රකට කර ඇත.
කොවිඩ් ආසාදිත තත්වයේ තහවුරු වීමත් සමග වහාම රෝහලේ වසා දමන්නට පාලන අධිකාරිය කටයුතු කර තිබේ.
මූලිකවම දැන් රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරු චැනල් කිරීම ද අත්හිටුවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට එහි නේවාසික රෝගීන් සම්බන්ධව කටයුතු කරන ආකාරය අරභයා තීන්දුවක් ගැනීමටත් රෝහල සම්බන්ධව ඉදිරි ක්රිියාමාර්ග සම්බන්ධවත් විශේෂ සාකච්චාවක් පැවැත්වෙමින් තිබේ.
මෙම ප්‍රධාන නිලධාරියා ලඟින්ම ඇසුරු කළ වෛද්‍යවරු පිරිසක් මේ වනවිට කොළඹ ජාතික රෝහලෙන් පී.ආර්.සී පරීක්ෂාව කරගෙන ඇත.