2020 වසරේ අයවැය සඳහා වන විසර්ජන කෙටුම්පත අනිද්දා එනම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එදිනම සම්මත කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව නොවැම්බර් 12 වැනිදා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (09) තීරණය කළේය.
එදින පැය 10ක් පුරා සභාවේ කටයුතු සිදුවන අතර විසර්ජන කෙටුම්පත දෙවන වර සහ තෙවන වර කියවීම සිදුවනු ඇත. ඉන්පසු පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා විපක්ෂය විසින් ගෙන එන යෝජනාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතය.
එදින පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීමේ අවස්ථාව නොපැවැත්වෙන අතර දිවා ආහාරය සඳහා සභාව කල් තැබීමක්ද සිදු නොවනු ඇත.
මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයකු ලංකාසරඑට පුකාශ කළේ මේ වනවිට විසර්ජන පනත් කෙටුම්පත සම්පාදනය කර අවසන් වුවද කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලත් සමඟ අතිර්ක වියදමක් රජයට වැය කිරීමට සිදුව ඇති බවය. එබැවන් මෙම වියදම්ද ඇතුළත් කොට අවසන් සංඛ්‍යා අනිද්දා ඉදිරිපක් කෙරෙනු ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ අතර 2021 වර්ෂය සඳහා අයවැය ලේඛණය ලබන 17 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.