දිනසේන රතුගමගේ –
බෝම්බ ඉවත් කර සුරක්ෂිත ප්රදේශයක් සේ ප්රකාශයට පත් කර තිබූ මන්නාරම මඩු ඉරනේරුප්පුකුලම් මන්කිණ්ඩි ගම්මානයේ ළමයින් දෙදෙනෙකු අද (25) පෙරවරු 10.30 ට පමණ පැරණි ජීව අත් බෝම්බයක් පිපිරීමෙන් බරපතල ලෙස තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම අත් බෝම්බය එක් ළමයෙකුගේ වත්තේ තිබී එය අහුලාගෙන සෙල්ලම් කරමින් සිටියදී බෝම්බය පිපිරීමෙන් ඔවුන් තුවාල ලබා තිබේ.
මන්නාරම මඩු පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.