ලෝකයේ දැනට ආරම්භ වී ඇති විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මීට ටික වෙලාවකට පෙර ආරම්භ විය. ඉන්දියාව විසින් නිර්වින්දනය කරන ලද කොවිෂීල්ඩ් සහ කොවැක්සීන් නම් එන්නත් මාත්‍රා දෙක බැගින් මෙසේ ලබා දීම ඇරමුණු අතර හර්යානා ප්‍රාන්තයේ සනීපාරක්ෂක සේවකයකුටං මගල එන්නත ලබා දීමෙන් මෙම එන්නත්කරණ ව්‍යාපාරය ඇරඹුණි. ඔවුන්ගේ පළමු අදියර යටතේ සෞඛ්‍ය සේවය ඇතුළු කොවිඩ් වසංගත සටනේ ඉදිරි පෙළ ක්‍රියාත්මක වන පුද්ගලයන් කෝටි තුනකට එන්නත්කරණය සිදු කිරීමට පියවර ගෙන තිබේ.
අද පෙරවරුවේ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙය නිල වශයෙන් දියත් කළ අතර රටේ සෑම ප්‍රාන්තයක්ම ආවරණය වන පරිදි ස්ථාන 3000කදී මෙම සුවිසල් එන්නත්කරණ මෙහෙයමු ආරම්භ විය.
මෙම එන්නත්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරමින් ප්‍රකාශයක් කළ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පැවසූයේ “ මේඩ් ඉන් ඉන්දියාව“ එන්නත් දෙකක් ම ඉතා කෙටි කලක් තුළ නිපදවා ඉන්දියානු ජනනතාවට ලබා දීමට හැකි වීම පිළිබඳව අතිශයින්ම ආඩම්බරයට පත් වන බවය. ලෝක ඉතිහාසයේ මේ තරම් විශාල එන්නත්කරණ වැඩසටහනක් දියත්ව නැති බවත් මෙය ලෝකයේ සිදුවන පළමු අවස්ථාව වන බවත් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.