දිනසේන රතුගමගේ –
මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ වැසියන් විශාල පිරිසක් 2019 වසරේදී තමන්ට ලබා දෙන බවට පොරොන්දු වූ නිවාස ඉල්ලමින් 29 දා පුදුකුඩීරිප්පු නගරයේ පෙළපාලි ගොස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලනු ලැබූහ.
එවකට නිවාස අමාත්‍යවරයාව සිටි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා නිවාස ඉදි කර ගැනීම සදහා එක් අයෙකුට රුපියල් ලක්ෂය බගින් ණය මුදල් ලබා දී ඇතත් ඔවුන්ට ඒ මුදල් වලින් නිවසක් ඉදි කර ගැනීමට නොහැකි වූ බව උද්ඝෝෂණයට සහභාගී වූවෝ කියා සිටියහ.
ඔවුන්ට නිවාස ඉදි කර ගැනීම සදහා ඉතිරි මුදල් නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා නොදී මුලින් ලබා දෙන ලද රුපියල් ලක්ෂයට පොළියද සමග මුදල් ගෙවන ලෙස ඉල්ලිම් කරමින් නිලධාරීන් නිවාසවලට පැමිණෙන නිසා තමන්ට යම් සාධාරණයක් ඉටු කරණ ලෙස ද ඔවුන් කෑකෝ ගසමින් ඉල්ලා සිටියහ.
මේ වන විට මුලතිව් ප්‍රදේශයේ පවුල් 6000 ක් පමණ මෙම ණය උගුලට හසුව සිටියත් ඔවුන්ට නිවසක් නොලැබී නිකරුණේ ණයකරුවන් පිරිසක් බවට පත්ව සිටින බවද ඔවුන් පුදුකුඩීඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයට කියා සිටියහ.
ප්‍රාදේශීය ලේකම්වරයා උද්ඝෝෂණකරුවන් විසින් රැගෙන එන ලද ලිපිය වත්මන් නිවාස අමාත්‍යවරයා වෙත යොමු කොට යම් සහනයක් ලබා දීමට උත්සහ කරණ බවට පොරොන්දු වීමෙන් පසුව උද්ඝෝෂණකරුවෝ විසිර ගියහ.