දිනසේන රතුගමගේ:
යාපනය වාසවිලාන් කුරුම්බාසෙට්ටි ප්රදේශයේ පැවති එලුවන් වෙන්දේසියකදී විශාල එලුවෙකු රුපියල් ලක්ෂ තුනහමාරක මුදලකට 19 දා වෙන්දේසී වී තිබේ.
මේ ගම්මානයේදී එලුවන් වෙන්දේසී කිරීම නිරන්තරයෙන්ම සිදුවන අතර මෙතරම් ඉහල මිලකට එළුවකු වෙන්දේසී වූ ප්රථම අවස්ථාව මෙය බව කුරුම්බාසෙට්ටි ගම්මානයේ වැසියෝ කියා සිටිති.
රුපියල් ලක්ෂ තුනහමාරක මුදලකට එම එලුවා මිලට ගෙන ඇත්තේ මස් කඩ හිමියෙකු වන මුස්ලිම් ජාතිකයෙකි.