ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ් 19 ආසාදිත මියගිය අයවලුන්ගේ සිරුරු රජයේ වියදිමින් ආදාහනය කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.
භූමදානය කරන්නට නොදෙන්නේ නම් මල සිරුරු භාර නොගන්නා බව කියමින් රෝහල්වල අත්හැර ගිය සිරුරු 08ක් මෙතෙක් කල් රජයේ රෝහල්වල මෘත ශරීරාගාරයන්හි අප්රකටව තැන්පත් කර තිබිණි.
ඊයේ පේරාදෙණිය රෝහල් බලධාරීන් සමග බහින්බස් වූ එවැනි කෙවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයෙකුගේ ඥාතීන් මිය ගිය අයගේ සිරුර නොව, මරණ සහතිකයවත් භාර නොගෙන සිරුර රෝහලේ හැර දමා යන්නට ගියහ.
ඊයේ මිය ගිය ගලහ ප්‍රදේශයේ එම පුද්ගලයාගේ මල සිරුර අද දිනයේත් පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ අධි ශීතකරණයේ තැන්පත් කොට තිබිණි
ආදාහනය කිරිම ට අකමැත්ත පල කිරිම මත ඥාතින් අද දිනයේද පැමිණ මෘතදේහය භාර නොගත් බව පේරාදෙණිය රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා නීතිපතිවරයාට කරුණු දක්වා තිබිණි.
මෙවැනි මල සිරුරු රජයේ රෝහල්වල මෘත ශරීරාගාරයන්හි එක් රැස් වී ඇති ආකාරය ගැන ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට කටයුතු කළ බවත් එවැනි මල සිරුරු වහාම සෞඛ්‍ය නිරෝධායන නිරති ප්‍රකාරව ආදහනය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවත් ආපදා කලමණාකාරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්නත ප්‍රනාන්දු දන්වා ඇත.
එවැනි මල සිරුරු වහාම සෞඛ්‍ය නීති රීති ප්‍රකාරව රජයේ වියදමින් ආදාහනය කරන ලෙසටත්, මේ සඳහා දරන පිරිවැ ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දිය යුතු බවටත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.