ලංකාවෙන් වාරතාවන 12වන කොවිඩ් මරණය අද (23) උදෑසන 6 පමණ වනවිට සිදු වී තිබේ. මෙම මරණය සිදුවූ බවට රජයේ වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර මීට සුලු වෙලාවකට කලින් තහවුරු කළේය.
මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය 20 දා ඉන්දියාවේ සිට පැමිණ ඇත. පිළිකා රෝගයකින් පෙළෙමින් සිටි ඇයට කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වූ පසු කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ අයි.ඩි.එච්. රෝහලේ ප්රතිකාර ගනිිමින් සිටිය දීය.