දිනසේන රතුගමගේ:
කිළිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ නිවසක් තුළ බෝම්බයක් පිපිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිවසේ කාන්තාව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් 5 දා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බෝම්බය පිපිරී ගොස් ඇත්තේ 4 දා සවස් කාලයේ වන අතර පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගත් අය පාසල් ගුරුවරියකි.
මේ බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මුලින්ම කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කොට තිබේ.
බෝම්බය පිපිරී යාමෙන් පසුව එම නිවස සෝදිසි කල අවස්ථාවේදී පොලීසියට බෝම්බ දෙකක් බෝම්බ පිපිරවීමට ගන්නා බැටරි දෙකක් අතුළු තවත් උපකරණ රැසක් හමු වී තිබේ.
පොලිසිය විශ්වාස කරන්නේ එම බෝම්බය ගැලවීමට යාමේදී එය පුපුරා යන්නට ඇති බවයි
අත් අඩංගුවට ගන්නා ලද ගුරුවරිය කළින් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිටි කාන්තාවක් බවට තොරතුරු වාර්තා වුවත් පලෙයි පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරමින් සිටින බවයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය හා පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය පරීක්ෂණ පවත්වා ගෙන යයි.
මේ අතර පසුගිය 3 දා සවස බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක සේවය කරණ කාන්තාවක් බිම්බෝම්බයක් පිපිරීම නිසා තුවාල ලැබ යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබුණි.