පෙරහර විදි සරණ අවස්ථාවේ හෝ පෙරහර පවත්වන කාලය අතර තුර අලි ඇතුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පිළිබඳව සමාජයේ කතා පැතිරුණත් ඒ සම්බන්ධව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකිි බව විශේෂඥ පශු වෛද්‍ය අශෝක දංගොල්ල පවසයි.
කොවිඩ් 19 වෛරසය ඇතැම් සතුනට ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබුණද මෙතෙක් අලි ඇතුන්ට ආසාදනය වූ බවට හහවුරු වි නැතැයි වෛද්‍ය දංගොල්ල කියයි.
කොවිඩ් වෛරසය යනු කොරෝනා වෛරසයේ තවත් එක් වර්ගයක් පමණක් වන අතර මෙම වෛරස විවිධ හැඩ ගනිමින් පැතිර යන අන්දමක් දැකිය හැකි බවද කී වෛද්‍ය දංගොල්ල අලින් සදහා ක්ෂය රෝගය වැලඳුනාක් මෙන් කොවිඩ් 19 වැලදෙනු ඇති බවට වෙනත් රටවලින් පවා තහවුරු වි නැති බවද කීය.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය සදහා මෙවර අලි ඇතුන් හැට දෙනකු සහභාගි වීමට නියමිතය.