අද දවස තුළ කොවිඩ් මරණ 04ක් සහ කොවිඩ් ආසාදිතයන් 668ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.
පිටකොටුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්, රාගම ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක්, කඩවත ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්, වව්නියාවේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මරණ කරුවෝ අතර වෙති. පිළිවෙළින් හෝමාගම මූලක රෝහලේත්, මුල්ලේරියාව රෝහලේත්, අනුරාධපුර රෝහලේත් මෙම මරණ සිදු වී තිබේ. මේ අනුව ලංකාවේ අද වනවිට වාර්තා වන සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 191කි.
එමෙන්ම අද දිනට කොවිඩ් ආසාදිත පුද්ගලයන් 668ක් වාර්තා වූයේය. ඒ අතර බන්ධනාගාර රැඳවියන් 54ක් වූයේය. 614ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බව රජය කීවේය.
කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 37000 ඉක්මවනු ලැබුවේය. මුලු ආසාදිතයන් සංඛ්‍යාව 37360කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.