අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

ලොව ප්‍රමුඛ සමාගම් රැසක් සේවකයන්ට නිවසේ සිට ස්ථිරව රැකියා කිරීමට අවස්ථාව දෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 14, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

ෆෝඩ් මෝටර් රථ සමාගමේ සිට මයික්‍රොසොෆ්ට් දක්වා ලොව ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමාගම් තම සේවකයන් වැඩි වැඩියෙන් නිවසේ සිට ඉදිරි ගිම්හානය දක්වා රාජකාරි කිරීමට හැකිවන පරිදි කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය ලෝකයම ගිලගෙන අමරිකාවට ද පසුගිය මාර්තුවේ රිංගා යෑමෙන් පසු එරට සමාගම් බොහොමයක් තම සේවකයන්ට කියා සිටියේ කාර්යාලයෙන් දුරස්ථ වී කෙටි කාලයක් සිටින ලෙසයි. සේවකයන්ද සිතුවේ තම කාර්යාල කුටිවලට සති කිහිපයකින් යළි ගොස් සේවය කළ හැකි බවයි. එහෙත් තත්ත්වය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින් සැප්තැම්බර් වන තෙක් ඔවුන්ට දින සති වී, සති මාස වී නිවසේ සිටීමට සිදුවී ඇත. ඇමරිකාව තුළ වරින් වර කොරෝනා වසංගතය උත්සන්නවීම නිසා බොහොමයකට සිදුවූයේ රැකියා අහිමි කර ගැනීමටයි. සමාගම් දිගින් දිගටම පාඩු ලැබීම නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත. ලබන වසරේ ගිම්හානයත් කලින්ම එන නිසා පෙර සූදානමින් යුතුව වසංගතය සමඟ පොර බැදීමට බොහෝ සමාගම් පියවර ගනිමින් සිටී.

2021 වසරේ ජුලි මාසයේදී තම සේවකයන් යළි කාර්යාලයට පැමිණිය යුතු දිනය පළමුව නිවේදනය කරන ලද්දේ Google සමාගමයි. වසංගතයේ තවත් රැල්ලක් ඒමට හැකි බවට සෞඛ්‍ය අංශ දැනුම් දීමත් සමඟ මෙම සමාගම්වලට සිදු වූයේ ද සිදුවූයේද තමන්ගේ සේවකයන් රාජකාරියට ගෙන්වීමේ දින කල් දැමීමයි. එම පියවර අනුගමනය කරමින් Uber, Slack සහ Airbnb යන සමාගම් ද යළි කාර්යාලයට පැමිණිය යුතු නිවේදනය කරන්නට විය. පසුගිය සතියේදී Microsoft, Target, Ford මෝටර් රථ සහ The New York Times ආයතන ද කාර්යාලයට පැමිණිය යුතු දිනයන් පිළිබඳ කල් තබන්නට විය.

මෙවැනි තත්ත්වයක් තුළ සැන් ෆ්‍රැන්සිස්කෝ හි DocuSign සමාගම තීරණයක් ගත්තේය. ඒ ඉලෙක්ට්‍රොනික ලිපි ගොනු පද්ධතියක් සකස් කරමින් අත්සන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට භාවිත කිරීමට ආරම්භ කිරීමයි. ඔවුන් අගෝස්තුවේ සිට මෙම ක්‍රමය භාවිත කිරීමට පටන් ගත් අතර ඒ අනුව ඔවුන්ගේ සේවකයන් නිවසේ සිට රාජකාරි කිරීමට පටන් ගත්තේය. මේ අනුව ඔවුන් 2021 ජුනි මාසය දක්වා 5200ක්වූ තම සේවකයන් නිවසේ සිට රාජකාරි කරවීමට සලස්වා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇමරිකාව තුළ 73%ක් පමණ වන සේවකයන් කාර්යාල වෙත යාමට, එහි සෞඛ්‍යය පිළිබඳ අවදානමකට මුහුණ පා සිටින බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ඔවුන්ට යළි කාර්යාලයට යාමට බලකිරීමක් නොමැත්තේ ද එබැවිනි. මේ තත්ත්වය හමුවේ බොහෝ සමාගම් දැන් දැන් පියවර ගෙන ඇත්තේ නිවසේ සිට තිර ලෙස රැකියාව කිරීමට පසුබිම සැකසීමට ය.

ෆේස්බුක් සමාගම පළමු වරට තම සේවකයන් නිවසේ සිට සේවය කකරන බවට නිවේදනය කළේ පසුගිය මැයි මාසයේදීය. Twitter, Coinbase, Shopify යන සමාගම් ද පසුව ක්‍රමයෙන් එම පියවර ගෙන තිබුණි. පසුගිය සිකුරාදා දිනයේ Microsoft නිවේදනය කර ඇත්තේ තම සමාගමේ සේවකයන්ට ද නිවසේ සිට තිර ලෙස රැකියා කිරීමට කටයුතු සලසන බවයි.

ෆෝඩ් මෝටර් රථ සමාගම පසුගිය සතියේ සිය තීරණය නිවේදනය කරමින් කියා සිටියේ 32000ක් වන තම උතුරු ඇමරිකානු සේවකයන් දැනටමත් නිවසේ සිට සේවය කරන බවයි. එම සමාගමේ සේවකයන් 188,000ක් පමණ සේවය කරන අතර තම කර්මාන්ත ශාලාවේ වැඩ කරන සේවකයන්ට පමණක් එය අදාළ නොවන බව එම සමාගම පෙන්වා දෙයි.

Slack සමාගමේ සේවකයන්ගෙන් 72%ක් නිවසේ සිට රාජකාරි කරන අතර ඔවුන් කලාතුරකින් සේවා ස්ථානය වෙත ගෙන්වා ගනු ලබයි.

බොස්ටන් හි පිහිටි Rapid7 නැමති සයිබර් ආරක්ෂණ සමාගම ද සිය 1600ක් වන සේවකයන් නිවසේ සිට සේවය කරන අතර ඔවුන් ලබන ගිම්හානය වන තෙක් හෝ ඊට පස්සේ වුවත් අඛණ්ඩව මෙම ක්‍රමයට තම සමාගමේ කටයුතු අඛණ්ඩව ක්‍රම කරගෙන යාමට සැදී පැහැදී සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිර නීතිය

Next Post

මහනුවර කඩාවැටුණු නිවසේ සුන්බුන් ඉවත් කරන්න ලක්ෂ 28 ආණ්ඩුවෙන් ගෙවයි

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.