කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට උදෑසන 5 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යා හැකි බව රජය නිවේදනය කරයි.
ඒ සඳහා පැමිණය යුතු සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිර නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා දැනුම් දෙයි.