
මෝටර් රථ ස්වයංක්‍රීයව ධාවනය වන, රොබෝ යන්ත්‍ර මගින් ඔබේ නිවසේ දොරකඩටම ආහාර ගෙනවිත් දෙන, වෛද්‍යවරුන්ට මිනිත්තු කිහිපයකින් නිවැරදිව රෝග නිර්ණය කළ හැකි, සහ යන්ත්‍ර ආධාරයෙන් ගොවීන්ට වඩාත් කාර්යක්ෂමව බෝග වගා කළ හැකි ලෝකයක් ගැන සිතා බලන්න. මෙය විද්‍යා ප්‍රබන්ධයක් නොව, කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය විසින් හැඩගස්වනු ලබන යථාර්ථයයි.
මෙම නව්‍ය තාක්ෂණයන් කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් වෙනස් කරමින්, මිනිස් ජීවිත වඩාත් යහපත් අතට හරවමින්, හැකියාවන්හි සීමාවන් නව මානයකට ගෙන යමින් සිටී. සෞඛ්‍ය සේවා සිට අභ්‍යවකාශ ගවේෂණය දක්වා වූ විවිධ ක්ෂේත්‍රයන්හි මෙහි විභවතාවය අසීමිතය. නමුත් මෙය අප වෙත ගෙන එන්නේ කුමන ආකාරයේ වෙනසක්ද? එය සමාජයට කෙසේ බලපානු ඇත්ද? කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ විස්මයජනක අනාගතය සහ එය සෑම පුද්ගලයෙකුටම වැදගත් වන්නේ ඇයි දැයි සොයා බලමු.
AI සහ Robotics යනු කුමක්ද?
කෘතිම බුද්ධිය (AI) යනු යන්ත්‍ර මගින් මානව බුද්ධිය අනුකරණය කිරීමයි. එමගින් පද්ධතිවලට අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට, නව ආදාන සඳහා අනුවර්තනය වීමට, තීරණ ගැනීම, ගැටලු විසඳීම සහ කථන හඳුනාගැනීම වැනි සාමාන්‍යයෙන් මිනිස් බුද්ධිය අවශ්‍ය වන කාර්යයන් ඉටු කිරීමට හැකියාව ලැබේ. කෘතිම බුද්ධිය මගින් ඔබේ virtual සහායකයා ක්‍රියාත්මක කරවන අතර, streaming platforms වල වැඩසටහන් නිර්දේශ කිරීමට උපකාර වන අතර, රථවාහන රටා පුරෝකථනය කර ඔබට වඩාත් කෙටි මාර්ග යෝජනා කරයි.
රොබෝ තාක්ෂණය (Robotics) යනු විශේෂිත කාර්යයන් ඉටු කළ හැකි යන්ත්‍ර නිර්මාණය කිරීමේ හා සැලසුම් කිරීමේ විද්‍යාවයි. සරල යන්ත්‍රවලට වඩා වෙනස් ලෙස, රොබෝ යන්ත්‍රවල බොහෝ විට සංවේදක(sensors) හා processors උපාංග සවි කර ඇති අතර, ඒවාට තම පරිසරය සමඟ අන්තර්ක්‍රියා කිරීමේ හැකියාව ඇත.
කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය ඒකාබද්ධ වන විට, ස්වාධීනව සිතීමට හා ක්‍රියා කිරීමට හැකි ‘බුද්ධිමත් රොබෝ යන්ත්‍ර’ බිහි වේ. උදාහරණයක් ලෙස, රොබෝ වැකියුම් යන්ත්‍රයක් ඔබේ නිවස පිරිසිදු කිරීමට අමතරව, කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහා කාමරවල සැලැස්ම ක්‍රමයෙන් ඉගෙන ගනී. මෙම තාක්ෂණ ද්විත්වය විද්‍යා ප්‍රබන්ධය යථාර්ථයට ළං කරමින් නව හැකියාවන්ගෙන් පිරි ලෝකයක් විවර කර ඇත.
AI සහ Robotics හි අනාගත යෙදුම්
කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය දැනටමත් විවිධ ක්ෂේත්‍රයන්හි විශාල වෙනසක් සිදු කරමින් සිටින අතර, එහි අනාගත විභවතාවය තවත් පුදුම සහගතය. මෙම තාක්ෂණයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් මෙසේය:
-
සෞඛ්‍ය ආරක්ෂණ විප්ලවය

කෘතිම බුද්ධියෙන්(AI) බලගැන්වුණු රොබෝ යන්ත්‍ර, වඩාත් වේගවත් හා නිරවද්‍ය රෝග විනිශ්චයන් සිදු කරමින් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සිටී. කෘතිම බුද්ධි පද්ධතිවලට ස්කෑන් පරීක්ෂණ ප්‍රතිඵල වැනි වෛද්‍ය දත්ත විශ්ලේෂණය කර, පිළිකා වැනි රෝග ඒවායේ මුල් අවධිවලදීම හඳුනාගැනීමට හැකි වන අතර, එමගින් අසංඛ්‍ය ජීවිත සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකියාව ලැබී තිබේ.
රොබෝ ශල්‍ය යන්ත්‍ර, සියුම් සැත්කම් ඉතා නිරවද්‍යව සිදු කිරීමේදී වෛද්‍යවරුන්ට සහාය වෙයි. මෙම රොබෝ පද්ධති මගින් මානව දෝෂ අවම කරන අතර, රෝගීන්ට ඉක්මනින් සුවය ලබා ගැනීමටද උපකාරී වේ.
අනාගතය දෙස බැලීමේදී, රෝගී ප්‍රදේශවලට ඍජුවම ඖෂධ ලබා දීමට හෝ හානියට පත් වූ සෛල ප්‍රතිසංස්කරණය කිරීමට පවා මිනිස් සිරුර තුළ ගමන් කළ හැකි නැනෝබෝට් නම් වූ ඉතා කුඩා රොබෝ යන්ත්‍ර දැක ගත හැකි වනු ඇත. ජාන දත්ත විශ්ලේෂණය කරන කෘතිම බුද්ධි ඇල්ගොරිතම නිසා, පුද්ගලයාගේ අනන්‍ය ජාන සංයුතියට අනුකූලව සකස් කරන ලද පුද්ගලීකරණය වූ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ද දැන් යථාර්ථයක් බවට පත්වෙමින් පවතී.
-
අධ්‍යාපන පෙරළිය

කෘතිම බුද්ධිය, අධ්‍යාපනය වඩාත් පහසුවෙන් ලබාගත හැකි හා පුද්ගල අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි හැඩගස්වමින්, අප ඉගෙන ගන්නා ආකාරය නව මානයකට ගෙන යමින් සිටී. කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු ඉගෙනුම් වේදිකාවන්ට සිසුන්ගේ ඉගෙනුම් වේගයට අනුව පාඩම් සකස් කර, ක්ෂණික ප්‍රතිචාර ලබා දීමට හැකි වන අතර, එමගින් සංකීර්ණ සංකල්ප වඩාත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට සිසුන්ට උපකාර වේ.
අනාගතයේදී, රොබෝ යන්ත්‍රවලට පන්ති කාමරවල දී පුද්ගලික උපදේශන සැපයීම, අමතර සහාය අවශ්‍ය සිසුන්ට පිහිට වීම සහ පරිපාලන කටයුතු කළමනාකරණය කිරීම මගින් ගුරුවරුන්ට ඉගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සැලසිය හැකි වනු ඇත. ගණිත ගැටලු පියවරෙන් පියවර පැහැදිලි කරන හෝ අන්තර්ක්‍රියාකාරී ලෙස නව භාෂාවක් ඉගැන්විය හැකි රොබෝ යන්ත්‍රයක් සිටින අනාගතයක් සිතා බලන්න.
-
ස්මාර්ට් නගර සහ නිවාස

කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය තමයි අද ‘බුද්ධිමත් නගර’ නිර්මාණය කිරීමේ ප්‍රධාන බලවේගය. මේ තාක්ෂණය නිසා සම්පත් නාස්ති නොවී වඩාත් කාර්යක්ෂමව භාවිතා කරන්න පුළුවන් වගේම, නගර ජනතාවට ජීවත් වෙන්න වඩාත් හොඳ තැනක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට, කෘතිම බුද්ධිය යොදාගත් රථවාහන පාලන පද්ධතිවලට රථවාහන තදබදය අඩු කරන්න මාර්ග සංඥා එක එක වෙලාවට ගැලපෙන විදිහට හසුරුවන්න පුළුවන්.
ගෙදර වැඩ කටයුතුවලදී, කෘතිම බුද්ධියෙන් ක්‍රියා කරන රොබෝවරුන්ට ගෙය පිරිසිදු කිරීම, කෑම උයන එක, මේස පිරිසිදු කිරීම වගේම වයසක දෙමාපියන් රැක බලා ගැනීම වගේ දේවල් කරන්නත් පුළුවන්. හිතලා බලන්න ගෙදර ආවම ගෙය පිරිසිදුයි, රස්නේට කෑමත් පිළියෙල කරලා තියෙනවා, ඒ ඔක්කොම කරලා තියෙන්නේ රොබෝ සහායකයා.
කෘතිම බුද්ධිය යොදාගත් බුද්ධිමත් නිවාස පද්ධති අපේ පුරුදු හා අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව විදුලිය ඉතිරි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට, කාලගුණයත් එක්ක අපි ගෙදර ඉන්න වෙලාවන් අනුව වායුසමන යන්ත්‍ර ස්වයංක්‍රීයව පාලනය වෙන්න පුළුවන්. මේ නිසා විදුලි බිල අඩු වෙනවා වගේම පරිසරයටත් හානියක් වෙන්නේ නැහැ.
-
කෘෂිකර්මය විප්ලවීය කිරීම

මිනිස් වර්ගයා මුහුණ දෙන පැරණිතම අභියෝගයක් වන ආහාර නිෂ්පාදනයට කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය අද වන විට අත හිත දෙමින් සිටී. දිනෙන් දින වැඩි වන ලෝක ජනගහනයත් සමඟ කාර්යක්ෂම ගොවිතැන් කටයුතු අද අපට වඩාත් වැදගත් වී තිබේ.
කෘතිම බුද්ධියෙන් සන්නද්ධ රොබෝ යන්ත්‍ර මගින් බෝගවල සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම, රෝගාබාධ කල්තියා හඳුනා ගැනීම මෙන්ම ජලය හා පොහොර භාවිතය පිළිබඳව නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබී තිබේ. ලෝකයේ බොහෝ රටවල දැනටමත් ස්වයංක්‍රීය ට්‍රැක්ටර් යන්ත්‍ර හා ඩ්‍රෝන යාන භාවිතයෙන් බීජ වැපිරීම, කෘෂි රසායන යෙදීම හා අස්වනු නෙළීම සිදු කරයි.
මේ නව තාක්ෂණික ක්‍රමවේද නිසා ගොවිතැනේ කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇති අතර, සම්පත් නාස්තිය අවම වී තිබේ. මෙමගින් අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත. අනාගතයේදී කෘතිම බුද්ධිය යොදා ගනිමින් සිදු කෙරෙන සිරස් ගොවිතැන් ක්‍රම (vertical farming) මගින් නගරබද ප්‍රදේශවලම එළවළු හා පලතුරු නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇත. මෙමගින් ප්‍රවාහන වියදම් අඩු වීමත්, පරිසරයට සිදුවන හානිය අවම වීමත් සිදු වනු ඇත.
-
අභ්‍යවකාශ ගවේෂණය

අභ්‍යවකාශ ගවේෂණයේ නව යුගයක් උදා කරමින් කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය අද වන විට පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරයි. දැනටමත් කෘතිම බුද්ධියෙන් සමන්විත රොබෝ යන්ත්‍ර අඟහරු වැනි ග්‍රහලෝක පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින අතර, එමගින් විද්‍යාඥයන්ට එම ග්‍රහලෝකවල පවතින පාරිසරික තත්ත්වයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වී තිබේ.
අනාගතයේදී මිනිසා විසින් චන්ද්‍රයා හෝ අඟහරු මත ජනාවාස පිහිටුවීමේදී මෙම තාක්ෂණය ඉමහත් පිටුවහලක් වනු ඇත. අභ්‍යවකාශ නිවාස ඉදි කිරීම, ඛනිජ සම්පත් කැණීම සහ ජීව පද්ධති පවත්වාගෙන යාම වැනි සංකීර්ණ කාර්යයන් රොබෝ තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීමට හැකි වනු ඇත. මෙම තාක්ෂණික දියුණුව තුළින් අනාගතයේදී මිනිසාට අභ්‍යවකාශයේ ජීවත් වීමටත්, එහි රැකියා කටයුතු සිදු කිරීමටත් අවශ්‍ය පසුබිම සකස් වනු ඇත.
-
ආපදා කළමනාකරණය සහ මුදාගැනීම

ස්වභාවික ආපදා අවස්ථාවලදී කෘතිම බුද්ධියෙන් ක්‍රියාකරන රොබෝ යන්ත්‍ර මගින් මිනිස් ජීවිත බේරා ගැනීමේ මෙහෙවර සඳහා මහඟු පිටුවහලක් සැපයිය හැකිය. මිනිසුන්ට ළඟා විය නොහැකි හෝ අනතුරුදායක ස්ථානවලට පිවිස ආපදාවට ලක්වූවන් සොයා ගැනීම, ඔවුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සහ හදිසි ආධාර ලබා දීම වැනි කටයුතු මෙම රොබෝ යන්ත්‍ර මගින් සිදු කළ හැකිය.
තවද, කෘතිම බුද්ධි පද්ධති මගින් කාලගුණික රටා හා භූ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කරමින් ස්වභාවික ආපදා කලින් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙමගින් ප්‍රජාවට අදාළ ආපදාවන්ට මුහුණ දීමට සූදානම් වීමටත්, ඒවායින් සිදුවන හානි අවම කර ගැනීමටත් අවස්ථාව උදා වේ. සුළි සුළං, භූමිකම්පා හෝ ගංවතුර වැනි ස්වභාවික ව්‍යසනයන් පිළිබඳව නිවැරදි පූර්ව අනතුරු ඇඟවීම් ලබා දෙමින් සිය ගණන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගත හැකි නවීන තාක්ෂණික යුගයක් කරා අප ළඟා වෙමින් සිටී.
මෙය සමාජයට වැදගත් වන්නේ ඇයි?
දිනෙන් දින කෘතිම බුද්ධිය හා රොබෝ තාක්ෂණය අපගේ දෛනික ජීවිතයට කාවැදීමත් සමඟ සමාජයීය, ආචාරධර්මීය හා රැකියා ක්ෂේත්‍රයන්හි නව අභියෝග රැසක් මතුව එයි. මෙම නව තාක්ෂණය මගින් සැලකිය යුතු ප්‍රතිලාභ ලැබෙන නමුත්, එය සමාජයේ සියලු දෙනාට සාධාරණව ප්‍රයෝජනවත් වන ආකාරයට හසුරුවා ගැනීම සඳහා නිසි නියාමනයක් හා වගකීමකින් යුතු භාවිතයක් අත්‍යවශ්‍ය වේ.
මේ සමඟ මතුවන ප්‍රධාන ගැටලුවක් නම් රැකියා අවස්ථා අහිමි වීමයි. රොබෝ යන්ත්‍ර විසින් නිතර සිදු කරන සරල කාර්යයන් බාර ගැනීමත් සමඟ සමහර රැකියා අවස්ථා අහිමි විය හැකිය. එහෙත් මෙම වෙනස තුළින් නව රැකියා අවස්ථා ද බිහි වනු ඇත. විශේෂයෙන්ම මෙම තාක්ෂණික පද්ධති නිර්මාණය කිරීම, ක්‍රමලේඛනය කිරීම හා නඩත්තු කිරීම වැනි නව රැකියා ක්ෂේත්‍ර සඳහා පුළුල් ඉඩකඩක් නිර්මාණය වනු ඇත.
මෙවන් තාක්ෂණික පරිවර්තනයකට සමාජය සූදානම් කිරීමේදී අධ්‍යාපනය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. කෘතිම බුද්ධිය මුල් කරගත් අනාගත ලෝකයක සාර්ථකව ජීවත් වීමට අවශ්‍ය නව දැනුම හා කුසලතා ජනතාවට ලබා දීම සඳහා රජයන් හා අධ්‍යාපන ආයතන විසින් විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.
මීට අමතරව, මෙම තාක්ෂණය සදාචාරාත්මක ලෙස භාවිත කිරීම තවත් වැදගත් අභියෝගයකි. කෘතිම බුද්ධි පද්ධති නිර්මාණයේදී ඒවා පක්ෂග්‍රාහී නොවන ලෙසත්, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන ලෙසත් සැලසුම් කළ යුතුය. මෙම තාක්ෂණය මිනිස් සමාජයට හානිකර නොවන ලෙස, එනම් සමස්ත මානව වර්ගයාගේම යහපත උදෙසා යොදා ගැනීම සඳහා නිසි නීති රීති හා නියාමන රාමුවක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ.
ඔබට මෙම අනාගතයේ කොටසක් විය හැක්කේ කෙසේද?
ඔබ සිසුවෙක් හෝ තාක්ෂණය පිළිබඳ කුතුහලයෙන් සිටින කෙනෙකු නම්, මෙය එයට සම්බන්ධ වීමට සුදුසුම කාලයයි. කෘතිම බුද්ධිය හා රොබෝ තාක්ෂණයේ පූර්ණ විභවතාව උදාකර ගැනීම සඳහා නිර්මාණශීලී චින්තකයින්, ගැටලු විසඳන්නන් සහ නව මග පෙන්වන්නන් අවශ්‍ය වෙමින් පවතී.
මෙම ක්ෂේත්‍ර පිළිබඳව හැදෑරීමෙන් ඔබේ ගමන ආරම්භ කරන්න. ඒ සඳහා තාක්ෂණික පසුබිමක් අත්‍යවශ්‍ය නොවේ – අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි සම්පත් සහ පාඨමාලා රැසක් ඔබට මුල් පියවර තැබීමට උපකාරී වනු ඇත. ක්‍රමලේඛන(coding), නිර්මාණකරණය(design) හෝ දාර්ශනික චින්තනය යන ඕනෑම ක්ෂේත්‍රයක උනන්දුවක් දක්වන ඔබට කෘතිම බුද්ධිය හා රොබෝ තාක්ෂණ ලෝකයේ නිසි තැනක් හිමි වනු ඇත.
කවුද දන්නේ? ඔබේ අදහස් මගින් මිනිස් ජීවිත පරිවර්තනය කරන, ගෝලීය අභියෝග ජය ගන්නා, හෝ අනාගත තාක්ෂණික පරපුරට මග පෙන්වන නව නිපැයුම් බිහි විය හැකිය.

කෘතිම බුද්ධිය හා රොබෝ තාක්ෂණය යනු හුදෙක් වඩා දියුණු යන්ත්‍ර නිර්මාණය කිරීම නොව, වඩා යහපත් ලෝකයක් බිහි කිරීමයි. එනම්, මානව හැකියාවන් වර්ධනය කරන, ගෝලීය අභියෝගවලට විසඳුම් සොයන, සහ මිනිසුන් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන ලෝකයක් නිර්මාණය කිරීමයි.
මෙම තාක්ෂණයන් දිනෙන් දින විකාශනය වත්ම, අප ඉගෙනුම ලබන හා සේවය කරන ආකාරයේ සිට අපගේ පෘථිවි ග්‍රහයා සුරැකීම දක්වා වූ ජීවිතයේ සෑම අංශයකටම එහි බලපෑම එල්ල වනු ඇත. අනාගතය දීප්තිමත් සහගත වුවද, එය සාමූහික වගකීමකි.
කෘතිම බුද්ධිය හා රොබෝ තාක්ෂණය වැළඳ ගැනීම තුළින්, නවෝත්පාදන හා මානුෂීය සංවේදීතාව එකට ගමන් කරන අනාගතයක් අපට නිර්මාණය කළ හැකිය. එක්ව කටයුතු කරමින්, සමස්ත මානව වර්ගයාටම යහපත සලසන ලෝකයක් බිහි කිරීම සඳහා මෙම තාක්ෂණයන්හි ශක්තිය යොදා ගනිමු.
කතෘ : තිහන්සා අක්මීමන
සමාලෝචනය : සහස්වරී සේනානායක, රියාජි දෙවිඳු







