බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී අලෙවි මණ්ඩලය පණ ගහනවට අකමැති සියලු දුෂ්ඨයින්ට කෘෂිකර්ම ඇමතිගෙන් දැනුම් දීමක්…

by editor
ජනවාරි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වී අලෙවි මණ්ඩලයට එක් සහල් ඇටයක්වත් නොදෙන බවට ගොවි සංවිධාන ලෙස හැඳින්වෙන ඇතැම් කණ්ඩායම් දැන් විශාල ප්‍රකාශකරමින් සිටින නමුත් ඉදිරියේ දී රජයට නිශ්චිත වී ප්‍රමාණයක් නොදෙන ගොවීන්ට පොහොර සහනාධාරය නැවැත්වීම සඳහා අභ්‍යන්තරයේ යෝජනාවක් ඇවිත් ඇති බව කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත අද පැවසුවේය.

වී අලෙවි මණ්ඩලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ ප්‍රශ්න එන්නේ උත්තර සඟවාගෙන බව ය. එමෙන්ම වී තමන්ට කැමති ඕනෑම මිලකට මිලදී ගැනීමට පුද්ගලික තොග රැස් කරන්නන්ට හැකියා ඇති නමුත් කිසිසේත්ම සහල් පාලන මිල නම් වෙනස් නොකරන බව ඇමතිවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ පාලන මිලට වී විකුණන්නේ නැති වෙළෙඳුන් සොයාගෙන ඉදිරියේ දී පාරිභෝගික සේවා අධිකාරිය පුළුල් මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවය. මේ නීතය කඩන අය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ඍජුව ක්‍රියාත්මකවන බව ද ඇමතිවරයා පැවසුවේය.

ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

හාල් සම්බන්ධව පාලන මිලක් නිකුත් කරලා තියනවා. කවුරු කොයි මිලට ගත්තත්, ව්‍යාපාරිකයන්ට පුලුවන් වී කිලෝ එකක් රුපියල් එකසිය විස්සක තිහකට උනත් ගන්න. නමුත් දැනට ප්‍රකාශ කර ඇති සහතික මිල පිළිබද තත්ත්වය අපි වෙනස් කරන්නේ නෑ. වෙනස් කරන්නේ නෑ වගේම දැනට පාරිභෝගික අධිකාරියේ පවතින යම් යම් වෙනස්කම් කරගනිමින් යම් යම් නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරමින් තිබෙනවා. දැනට ඒ කටයුතු සිදුකරනවා ප්‍රමාණවත් මදි. ඉදිරියේ දී එම කටයුතු වැඩි දියුනු වේවි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

සහතික මිල

අපට දැනට තෙත වී මිලදී ගන්න හැකියාවක් නෑ. අපි තෙත වී මිලදී ගන්න ඕනත් නෑ. අපට ගන්න වෙන්නේ හැමතිස්සේම ප්‍රමිතිගත වි. එය තමයි අපට තියන කාර්යභාර්යය.

දැනට ප්‍රශ්නය බරපතලයි. දැනට රටේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේත් වි මිල සම්බන්ධ ප්‍රශ්නය. වී මිල සම්බන්ධ ප්‍රශ්නයක් දැනට මේ මොහොතේ නෑ. සමහර කාලවල ඇවිත් තියනවා. අපි බලන් ඉන්නවා. තව ටික දුරක් යනකොට ඒ සම්බන්ධව ප්‍රශ්නත් එනවා. අන්න ඒ මොහොතේ දි තමයි අපේ මැදිහත්වීම සිදුවිය යුතු වන්නේ.

න් අලුත් සාකච්ඡාවක් ඇවිත් තියනවා මෙහෙම. සමහරු කියනවානේ වී අලෙවි මණ්ඩලයට ඇටයක්වත් දෙන්නෙ නෑ කියලා. එහෙම කියනවා. ඒක අභියෝගයක්.

එහෙම එද්දි සමහර අය අපට උත්තර යෝජනා කරමින් ඉන්නවා පොහොර සහනාධාරය ගන්නවා නම් පොහොර සහනාධාරය ගන්න අය අප ප්‍රකාශ කරන වී ප්‍රමාණයක් අපට දිය යුතුයි. ඒක තවම සාකච්ඡාවක්.

වාරිමාර්ග සපයනවා රජය. ඒ සපයන්නේ ඩඩ්ලියි රත්නයි නෙමෙයි. ඒ ජනතාවගේ සල්ලි. පොහොර සහනාධාරය දෙන්නේ ජනතාවගේ සල්ලි. එහෙනම් වී අලෙවි මණ්ඩලය ජනතාව වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරනකොට ජනතාවගේ මුදල්වලින් පොහොර සහනාධාරය ගත්ත, වාරිමාර්ග සපයා ගත්ත ගොවියටත් වගකීමක් තියනවා සමාජය වෙනුවෙන්. එහෙම සාකච්ඡාවක් දැන් පැනනැගිලා තියනවා.
ඒක තමයි මම කිව්වෙ…. ප්‍රශ්න එන්නේ උත්තරත් සඟවාගෙන. අපි සාකච්ඡා කලා සියලු පාර්ශවයන් එක්ක. ඒවා ප්‍රකාශයට පත් කරනවා තීරණයක් ගන්න. දැනට අපි තීරණයක් අරන් නෑ. සාකච්ඡාව මතුවෙලා තියනවා. ඒ සාකච්ඡාවෙ තර්කයක් තියනවා.

වී අලෙවි මණ්ඩලයට පොදු ජනතාව වෙනුවෙන් වී තොගයක්, පොදු ජනතාවගේ බදු මුදලින‍් සහන ලබන කණ්ඩායමකට ඉටු කරන්න වගකීමක් තියනවා. ඒ නිසා කවුරු මේවට අභියෝග කළත්, මාෆියාකාරයො අභියෝග කළත්, සමහර ගොවි සංගම් අභියෝග කළත් අපි අධිශ්ඨානයක් හදාගමු අපි ජනතාව වෙනුවෙන් මේ අභියොග ජය ගන්නවා, ඒකට උත්තර තියනවා.

රජය ආර්ථිකයේ පංගුකාරයෙක් තමයි…. රජය ආර්ථිකයේ පංගුකාරයෙක් නොවේ කියන ප්‍රතිපත්තිය පරාද කරන්න ඕන. එක් පරාද කරන්න ජනවරමක් ලැබිලා තියනවා. ඒ ජන වරම නැවත නැවත තහවුරු කරගන්න ඕන.

දැන් අපට තේරේනවා ඒ ජනවරම ආපහු ඒ පැත්තට කරකවා ගන්න ඕන ජන මාධ්‍යයත් එහෙම උවමනාව තියන අයත් තමන්ගේ පටු උවමනාවන් වෙනුවෙන් එම මත නිශ්පාදනය කිරීම අරඹා තිබෙනවා. අපටත් පුලුවන් මත නිශ්පාදනය කරන්න. ඒ මතත් එක්ක හැප්පෙන්න. අපිට එහෙම හැප්පිලා පුරුද්දකුත් තියනවා. ඒ නිසා අපි සියලු දුෂ්ඨයින්ට කියනවා මේ වී අලෙවි මණඩලය ගන්න උත්සාහය පරාජය කරන්න අපි කාටවත් ඉඩ තියන්නේ නෑ. අපි කවුරුත් එකතු වෙලා ඒ වෙනුවෙන් වැඩ කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුමන හේතුවක් මතවත් ඔබට භික්ෂූත්වයෙ සීමා අතික්‍රමණය කළ නොහැකියි… භික්ෂු විශ්වවිද්‍යාලය පිහිටුවීමේ අරමුණ ආරක්ෂා කරන්න…. මහා නායක හිමිවරු වර්ජිත භික්ෂූන් වෙත දන්වති!

Next Post

කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය: අපගේ ලෝකයේ අනාගතය හැඩගැස්වීම

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.